Friday, October 23, 2015

ලෝක සුනඛ සම්මන්ත්‍රණය



කේස් එක බරවී ඇත්තේය. ඊයේ රෑ ගෙයි පිලිකන්න පැත්තෙං ආපු කසු කුසු හඩක් ඇසි මා උඩ ගොස් ඇහැරුණේය. වෙලාව මද්දියම රාත්තිරියේ 12 පසුවී විනාඩි 02 යි තප්පර 43 ක් ලෙස ඔරලෝසුවේ සටහන්වී ද තිබුණේය. තොල කට වියලී කකුල් දෙක මැඩ්ලින් ගහන්න පටන්ගෙන තිබුණේ දැනුන බයකට නෙවෙයි කියා දන්නේ මා සහ උඩ ඉන්න දෙයියා පමණක්මය.

නලලට දැමු දාඩිය ටිකත් සරමේ කොනකින් පිහිදාගෙන ඇදට දමා තිබූ ඇද පොල්ලක්ද රැගෙන පිලිකන්න පැත්තට ගැටුවේ පුරුස ශක්තියද අතට අරගෙනමය. හිං දාඩිය දැම්මේය.. හිං දාඩිය මහ දාඩිය උනේය.. තොල කට වියලි ඉක්කාවක්ද ගියේය. මුලු ඒරියල් එකේම සුනඛයෝ සහ සුනඛියෝ අපේ පිලිකන්නට ලෑන්ඩ් කරලාය. ඇස් දෙක පිසදාගෙනද නැවත බලනකොට මීටර් උනේ ඒරියල් එකේ සුනඛ සෙට් එක විතරක් නොව ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින්ද බලු සේනාවක්ම පැමිණ සිටියේය.

කෝකටත් කියා මම ජනෙල් රෙද්ද ඈත් කර සීන් එක බැලීම සදහා හරි බරි ගැසී සුදානම් උනේය. සුලු මොහොතක් ගතවීමට මත්තෙන් සභාපති කියා බෝඩ් ලෑල්ලක් තබා තිබූ මේසයට හුරු පුරුදු ෆේස්කට් එකක් තියන සුනක පෝතකයෙක් ලෑන්ඩ් කලෙහිය. ඇගේ හීගඩු පිපි මයිල් ඉස්මයිල් උනෙහිය. ඒ අපේ කැහැටු ටොමියාය. ටොමියා සිංහාසනාරූඩ වුවායින් පසු තිබුණු කසු කුසු සියල්ල නොමැතිවී සභාව මීයාට පිම්බා වාගේ උනෙහිය.

Wednesday, September 30, 2015

කෝච්චිය




කෝච්චිය යනු සිරි ලංකා දිපයේ ප්‍රධාන තැනක් ගත්තපු ප්‍රවාහන මාධ්‍යක්ය. මේ පුංචි සිරි ලංකාවේ එක එක ජාතියේ කෝච්චි තියෙන්නෙහිය.  දිග එව්වා, කොට එව්වා, දෙපැත්තෙන්ම තියන එව්වා, වැඩිපුර ගෙවලා යන සීතල එව්වා(එව්වාගේ කන්න බොන්නත් දෙනවාය), ජාති ජාති කෝච්චි තියනවය. ලෝකො ලංකා ලියන චන්දික සහෝ තරම් මම කෝච්චි ගැන දන්නා ඇටි කෙහෙලක්ද නැත්තේය.


ඒත් එක දෙයක් දන්නෙහිය. 8ට එනවා කිවොත් එන්නේ 8.30 විතරය. ඒකේ වැරැද්ද කෝච්චි ඩ්‍රයිවර්ගේ නෙවෙයිය. කෝච්චියට නම් තියපු ඇයොන්ගේය. තියෙන්නේම ගෑණු නම්ය. මගේ මේ කං දෙකට පිරිමි නමක් තියන කෝච්චියක් දැකලා  ඇහිලා නැත්තෙහිය. කතන්දරේ අමල්බිසෝ වී ඇත්තේ එතනින්ය.

වෙච්චි දේ වෙලා ඉවරයිය. සමුද්‍ර දේවී කියන්නේ යා ෂා පට්ටම ආසා කෝච්චියක්ය. ඒකත් පට්ටම පට්ට දිගයිය. ඒකේ ඇතුලේ වෙන්නේ පට්ටම පට්ට දේවල්ය. අපි ඉස්කෝලේ යන කාලේ අපිට එක එක ගැන්සි තිබුනෙහිය. දේවිගේ ඇතුලෙත් ඒ වගේ එක එක ගැන්සි තිබුනෙහිය. ඒ ගැන්සියට කෝච්චියේ යන්ඩ වෙනමම තැනක් තියෙනවාය. වෙන ඩිවයිස් එකත් ප්ලග් උනොත් නිකංම්ම ස්පෑම් වෙන්නෙහිය. ගැන්සියට එකෙක් හෝ එකියක්ව ලේසියෙන් ගන්නේද නැත්තෙහිය.


තව සෝක් සෝක් වැඩ ඒකේ ඇතුලේ වෙන්නෙහිය. සාමාන්‍යන් කෝච්චි ඇතුලේ තියෙන්නේ ලැට් එක, කැන්ටිම වගේ එව්වාය. ඒත් සමුද්‍රේ ඇතුලේ බියුටිකචල් එව්වාද තියෙන්නෙහිය. උදේ පාන්දර ගෑණු කට්ටිය සාරිය පටලෝගෙන කෝචිචියට ලෑන්ඩ් කරන්නෙහිය. ඔන් ඊට පස්සේ මිෂන් එක ඉස්ටාට් කරන්නෙහිය. මුලටම කරන්නේ දත් මැදලා මූණ හෝදන එක. ඔන්න ඊට පටස්සේ පටලෝගෙන ආව සාරිය ගලෝලා එකේ ඉදං අදින්න පටන් ගන්නෙහිය. ඊට පස්සේ මූනේ පොටි අදින්න, ටිංකරින් වැඩ ටික පටන් ගන්නෙහිය. ඔය අතර කෑම විකුනන බුවාලා දෙතුන්දෙනෙකුත් බඩගෝස්තරේ සොයාගන්නෙහිය.

ඔය සීන් කෝන් වෙන අතරේ සමහරක් උන් ගෑණු ඈයොන්ට පැනිය හලන්නෙහිය, තව එකෙක් තහනං ගහේ ගෙඩි කන්නෙහිය, ඔය අතරේ බූරු පොලවල් දෙක තුනකුත් තියෙන්නෙහිය. ඔය හැම උලව්වක්ම අතරේ කට කපලා බුදියන උනුත් ඉන්නෙහිය.

මේ වැස්ස දවස්වල පට්ට හිතල නිසා හිතෙන්නේම කකුල් දෙක අස්සේ අත්දෙක ගහන් කොම්බුව වෙලා දොයියන්නය. පොඩි ඇලට් එකක් දාන්න 4/15ට රිංගන්නෙහිය.  

තව සුට්ටෙන් දෙයක් මතක බැරිවෙන්නෙහිය. කෝච්චි වලට නං දාන ඈයොන්ට චින්න රික්වෙස්ට් එකක්ය. මීට පස්සේ කෝච්වි වලට නං දානකොට යා ෂා එක්ස්ප්‍රස්, බංඩාර අප්පු එක්ස්ප්‍රස්, සරදියෙල් ඉන්ටර්සිටි වගේ නම්ද දාන්න කියලාය.

Friday, August 28, 2015

යාෂා ගේ ඇග සලිත වෙන බස් සවාරිය.



අති සුරම්ය සිරි ලංකා බ්ලොග් කියවන්නන්ට ලියන්නන්ට එකි මෙකි නොකි සේරම එවුන්ට ආයබෝවං ය. උඹලාට ආයුබෝවං කිවාට යා ෂා සිටිනුයේ රමණියවූත්, ඇග සලිත වන්නා වූත්, බඩ බුරුල් වන්නාවූත් බස් සවාරියකින් පසුව 15වෙං 4රේ බූරු ඇදට වෙලා, කොන්ද රිවට්වී චැසි බොල්වී සැප ගනිමින්ය. ලංකාවට අධිගෘහිතවූ තිස්තුං කෝටියක් වෙච්චි දෙව්වරු යා ෂා දිහා බලන්ට ඇතැයි සිතන්නෙහිය.

සිකුරාදා හැන්දෑවේ කොලබළඹ ඉදන් ගෙදර යන්න ගාල්ල බස් එහෙකට නැග්ගේය නැංගේය. කොන්දා කෑ ගැසුවේ සිට් තියනවා නගින්න කියලාය. බස්සෙකට නැගලා බලන විට සීට් ඇත ඉදගන්නට සිට් නැත්තේය. කොන්දාගේ ආච්චී ඇතුළු හත්මුතු පරංපරාවටම පිං අනුමෝදං කර ඊලග බස්සෙකේ යන්න බැස්සෙහිය.

ඊලග බස් එකත් ආවෙහිය. ප්‍රවේගකාරි වූ මල්ලවපොර තරගයකින් පසුව බස්සෙකට නැග සීට් එකක් අල්ලා ගත්තෙහිය. ඒත් කොන (ජනේලෙ ලග සිට් එක) අල්ලා ගන්න බැරි විය. විනාඩි පහක් ගියේ නැත්තෙහිය. බස් එක පුල්ය. ඒත් කොන්දාට තාම පුල් වී නැත්තෙහිය. ඒ මදිවට බස්සෙක පුල් ඒසී ය. තවත් විනාඩි 59යි තප්පර 59කට පස්සේ ඒ රමණිය වූ බස් සවාරිය ආරම්බ විය.

පැයට කිලෝමිටඒ 15ක වගේ අධික වේගයෙන් බසය ධාවනය වන්නෙහිය. පුස් බයිසිකල් කාරයෙක් බස්සෙක පාස් කරන් යන අති දුර්ලබ දර්සනයක් බලා ගැනීමටද මා පුන්‍යවන්ත උනෙහිය. පැයකට විතර පස්සේ බස්සෙක බම්බලපිටිය හරියට ආවෙහිය. එකෙක් ලන්න ඇද්දෙහිය. මල හත්ඉලවුවක්ය. බස්සෙකට නගින්න ඉදපු ගැනු ටික මර ලතෝනි තියාගෙන දුවන්න ගත්තෙහිය. තරුණ පහේ ගෑනු දෙන්නෙක් කලංතේ දාලා වැටිලාය. වයසක පොරක් ලැජ්ජාව අත්දෙකෙං වහන් කොන්දා මලයාගේ පරංපරා හත අටකම ගුන ගයනවාය. කේස් එක මොකක්ද කියලා බැලිංනම් පොරගේ සරම බස්සෙකේය.

පානදුරෙං බස්සෙකට බඩදරු අම්මෙක් නැග්ගේය. සමහරුන්ට රා කල 7 ඇදලා ඇරපු නාලාගිරියා වගේ බුදිය. එකෙක් පෝං එකෙන් පට්ට කෝල් එකක්ය. ඒ අම්මා ඉන්න තැනම සීට් එකේ එකි අහසේ තරු ගානයි පොලවේ ඇති වැලි කැට ගානයි සොයන පට්ට සමීකරණයක් හිතෙන් හදනවාය. යා ෂාගේ උන්ඩුක පුච්චේ ඉදං හිත උනුවේගෙන ආවෙහිය. ඒ අම්මාට සීට් එක දුන්නෙහිය. පැණි බේරෙන මල් මල් හිනාවක් දාලා වාඩි උනේය..

දැං යා ෂා හිටගෙන යන්නෙහිය. කොන්දා මැද පොල්ල අල්ලං ඉස්සරාට යන්නෙයි කියලා කෑ ගසන්නෙහිය. ඒකාට දෙයියංගේ මොනවා හරි කැවිලය. පොල්ල අල්ලං ඉස්සරාට යන්න තියා වම් කකුල බිමින් තියා ගන්න පටිටම ගේමක් දුන්නත් තාම බැරි විය. එක සැරේටම ඇස් උඩ ගියේය, සුලු දිය පහවෙන්න වගේ ආවේය. බැලිංනම් සුකොමල තප්පදෝරු ගෑණියෙක්ගේ හයි හීල්ස් එකක් කකුල උඩට ලෑන්ඩ් කරලාය. මට හික් ගෑවුනෙහිය. ආනේ මල්ලි රිදුනද සොලි.... කියලා ඒකි කිවෙහිය. හප්පට සිරිය.. පුත්තලං බූරියෝ දෙතුන් දෙනෙක්ගේ වයස තියන ඒ අම්මන්ඩි මට මල්ලී ලුය. ඇස්දෙකෙන් පැන්න කදුලු අතරින් අවුල්ක් නෑ ඇන්ටි කියලා කිවා විතරය, කකුල ගල් රෝලකට අහු උනා වගේ දැනුනෙහිය.

එක සැරේටම ජස්ටිං බාබර් බස්සෙක ඇතුලේ ලතෝනි දෙන්නට පටන් ගත්තෙහිය.

හලෝ...
ඔව්වොව් මේ වද පුංචිගේ පුතා තමයි දොඩන්නේ..
නෑ නෑ තාම බස්සෙකේ...
තාම පයියාගල පහු උනේ
නෑ නෑ
හා හා
හරි හරි
මං කියන්නං

එකෙක්ට කෝල් එකක් ඇවිල්ලාය. පට්ට අපරාදයක්ය. ඒකාට ගාල්ල පැත්ත බලාගෙන පෝං එක සාක්කුවේ දාගෙන කිවත් පනිවිඩේ දෙන්ඩ පුලුවංය. පෝන් බිලත් ඉතුරු වෙන්නෙහිය.

ඔන්න බහින තැනත් ලං උනෙහිය. ලන්න ඇද්දෙහිය. හුටාය. ලන්න අතේය. ඊලග හෝල්ට් එකේ බහිනවෝ... පුලුවං තරං ඩම් එක දා කෑගැසුවෙහිය. හෝල්ට් එක ලංවෙන කොට බස්සෙක බ්රේක් ගහනවා වගේ දැනුනෙහිය. හෝල්ට් එකත් පසුවි ඊලග හෝල්ට් එකට අඩි දෙක තුනක් මෙහායින් බස්සෙක නතර වුනෙහිය. (සුවර් එකටම බස්සෙකට හයි කරලා තියෙන්නේ කෝච්චි බ්රේක් එකක් විය යුතුය)

හප්පට සිරි වෙන්නෙහිය. යාන්තන් බස්සෙකෙන් එලියට ඇගිල්ලක් දාගත්තෙහිය. ඉන්පසු පිලිවෙලින් අත්දෙකම ඔලු ගෙඩිය දකුණු කකුල හා ඇගේ කොටසක් එලියට දා ගත්තෙහිය. කිරි අප්පට බල්ලො බුරපිලුය. අනික් කකුල එලියට දාගන්න කලිං බස්සෙක ඇද්දුවෙහිය. අබ සරණයිය. අන්ක් කකුලත් ඊලග හෝල්ට් එකෙන් එලියට දාගත්තෙහිය. බස් ඩ්‍රැයිවරයාගේ ආච්චිව මතක් කරමින් හෝල්ට් එකක් ආපස්සට පයිං ඇවිත් 15වෙන් 4ට ගොඩ උනෙහිය.

බස් සවාරිය ඉවරයි ය. පශ්චාත් බස් සවාරි මෙව්වා එක ඊලග කොසටින් 15වෙන් 4රේ බූරු ඇද උඩ ඉදං ලියන්නෙහිය.