Thursday, August 20, 2015

බොකාට බොකියක් - මංගල කිංකිනි



බොකාගේ මනාලියන් බැලීමට යාමේ මිෂන් එක සරුවප්ප්‍රකාරයෙන්ම කෙල නොකව්ට් විය. ඒත් බොකාගේ මෑණියන් ගේම අතෑරියේ නැත්තෙහිය. අම්මලා එහෙමය. බොකාට ගෑණියෙක් මනමාලියෙක් සොයන මිෂන් එක අලුත් රජය යටතේ මංගල කිංකිනි තිරුවට දාන්න තිරණය කලෙහිය. එහෙම වත් ඒකාට හරිගියොත් හොදයිය.

හිං දාඩිය දමා, සහලෝල බඩ බුරුල්වෙන සීන් එක උනේ මටය. බොකාට බොකියක් හොයන්න මංගල දැන්විම ලියන මහගු කර්තව්ය බොකාගේ මැණියන් විසින් මා හට පවරන ලද්දෙහිය. කරන්න වෙන අවමගුලක් නැති හින්දා ඒ මාහැගි පුන්ය කරුර්මය බාභාර ගත්තහිය.

ඒකාට මගුල් සොයන්න අසරන මට ඇට නැති පරිප්පු හොදි එක්ක පාං කන්න වෙලාය. කොහොම ලියන්නද කියලා අයිඩියාවක් එන්නේම නැතිය. හිතලා හිතලා පොටත් ගිහිල්ලාය. කාලා කාලා ඇගිලි දහයේම නියපොතු ටිකටත් බබා හම්බ වෙලාය. හාප්සීට් බන්ඩලේකටම බොකාගේ සාපේ පලිසන් දුන්නෙහිය. අවමංගල දැන්වීම් තීරුව බලලාම හචිමක් යැව්වත් එලියට පයින්නේ බොදු ගොවි කියලාය.

බොදු ගොවි (බොදු ගොවි කිවාට ඒ ඇට රිලවා වැස්සකට වත් පංසලකට යන්නේ නැත්තෙහිය, ඒකා වවන්න දන්නේ කොන්ඩෙයි රැවුලයි විතරක්මය), 1948 පෙබරවාරි 31 උපන් වයස නොපෙනෙන ( පුත්තලං බූරුවෝ පට්ටියක වයස තියන ඒකාගේ වයස නොපෙනෙන්න නං ඇහේ සුද තියෙන්න ඕනෙය) උගත් බුද්දිමත් ( ඒ ගැන කියන්න ගියොත් මට කක්කල් කැස්ස හැදෙන්නෙහිය) තල එලලු රූමත් දායාද හිමි පවුලේ එකම පුත්තර රත්නයට සුරා සූදුවෙන් තොර උගත් බුද්දිමත් කඩවසම් දියණියක් සොයන්නේ මවය. කේන්දර එපාය. කෙලිංම කතා කරන්න. 0791233212

දෙයියො බුදු වෙන්න යාන්තන් ලියා ගත්තෙහිය. රාහුකාලේ බලලා දැන්වීම් කන්තෝරුවට බාර දීලා ඇවිල්ල නිදහසේ ඇලට් එකක් දැම්මෙහිය. ඇල ගග විය, ගග මූද වී කොල්ලා නැගිටිනකොට පහුවෙනිදා පාන්දර 10 විතර වෙලාය. ඒකත් බබා අඩන්න ගත්ත නිසාය. බැලින්නන් බොකාගේ මැණියන්දෑය. සුවර් එකටම බොකාට එකක් සෙට්වීගෙන එනවා වගේය. ඇග කිලිපොලා යන සතුටෙන් පෝං එක ඉස්සුවෙහිය.

කිරි අප්පට පැනි ආප්ප කිව්වලු. බොකාගේ අම්මා තුන් සූත්තරේම දේසනා කරනාවාය. අවසානෙට දාපු මෙව්වා එක බලපන් කියලා හරිම ආදරෙන් කියලා පෝං එක තිබ්බාය (තිබ්බ පාරට කන තාමත් කීං ගානවාය.)




වැඩේ ලස්සනේටම කෙලවෙලාය. කේස් එක මොකක්ද කියලා බලන්ඩ දැන්වීම් කන්තෝරුවට කෝල් එකක් ගත්තෙහිය. බබා හම්බවෙලාය. පොම් කොලේ කැටගරියේ මනාලයෝ ලයන්නට උඩින් මෙව්වා එකක් වැටිලාය. බඩ බුරුල්වේගෙන එනවා වගේ මෙව්වා එකක් වේගෙන ආවෙහිය. සුටුස්ගාලා 15වෙං හතරේ කක්කුස්සියට දිව්වෙහිය.



බොකාට බොකියක් (මුල කොටස බලන්න කොටන්න)

10 comments:

  1. බොක යනව බං හිනා ගිහින්

    ReplyDelete
    Replies
    1. හුටාය...
      කක්කුස්සියට දුවපන්ය

      Delete
  2. ඕකා කොරෝපු වැඩේට ගෙදරට විත් බෝ අත්තෙන් පිට කොන්ද කඩන්නේ නැතිව​, පෝං එකෙන් කන කීං ගස්සල විතරක් අතෑරිය එක මදැයි.....

    ReplyDelete
    Replies
    1. පූරුවේ කරුම බොලව්

      Delete
  3. යාළුවගේ වැඩේ උඹ බොක කරා නේද? හැක හැක..

    ReplyDelete
  4. හත්තිලව්වයි............අරූගේ අම්මාගෙන් දුරස් වෙලා හිටහං..... නැත්තං ඉතින් මරණ දැන්වීම් තීරුවටත් දාන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. බය හිතෙන කතා කියන්නට එපාය..
      ඇග සහලෝලා ලැට් බරක් හැදෙනවා වගේය..
      මම ලැට් එකට දුවන්නෙහිය..

      Delete
  5. සමහරවිට ඉස්පිල්ල නිසා වාසියක් වෙන්න බැරි නැද්ද බං? නෑ මේ මම කිව්වේ ඒ ඔස්සේ අල්පනා කරලා බලනකොට...

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවනිය...
      ගොඩක් කම්පනා කරන්න හොද නැතිය. හිතේ පොට යනවාය.

      Delete