Friday, May 27, 2016

යම රජු සමග.. (විත් මිස්ටර් කිංග් යම)




හාල් හුන්ඩු දෙකක විතර බතා පාරක් දෑමු මා හිටි හැටියේම නිංදෙන් ඇහැරුණේ පට්ට සිතලක් සමග කවුරුන්හෝ කතා කරනු ඇසීනු නිසාය.

එම්බා නර පනුව.. වහා නැගිටිනු..

මොකා..
නරි පනුවා. කවුද යකෝ මට පනුවා පනුවා කියන්නේ.
දෙන්න හිතෙනවා හොම්බට 54ක් විතර.
විකසිත වෙන්නට ගිය පුෂ්පෙත් එක්කම මා ඇදෙන් නැගිට්ටේ මට පනුවා කියූ තැනැත්තා කවුදැයි බැලීමටය..

කිරි අප්පට..

හුටස් ගා මා කලන්තේ දා වැටුනේය. ආයේමත් සිහිය එනකොට මා වටා දෙතුන්දෙනකු වතුර ඉසිමින් සිටියේය. උන්ගේ කටවල් වල කෘන්තක දත් එලියට ඇවිල්ලාය. ෂුවර් එකටම මුං සෙට් එක ඩ්‍රැකියුලාගේ පරන බැජියෝ සෙට් එකක් වෙන්නට ඕනේය. සුටුස් ගා නැගිට්ටෙමි. 3,2,1 හුරේ රන් කියන්න හදන කොටම සැට් එක මාව අල්ලා ගත්තේය. අල්ලාගෙන ගොස් පුටුවක් උඩ වාඩි කෙරෙව්වේය. මා ඉස්සරහා සිංහාසනයක් වගේ එකක්ද තිබුණේය. ෂුවර් එකටම මේක නං අපායේ සිංහාසනයක් වෙන්නට ඕනි කියලා සිතුනා විතරය, මෙන්න යකෝ යම රජා ඒ සිංහාසනයට ප්‍රාදූර්භූත විය. ආයේමත් එක දිගට ඇග දුර්වල වි සුලු දිය පහවන්නට යන්නාක් සේ දැනුනිය.

එම්බා නර පනුව. තා බිය නොවනු. මා තොපව මෙහි කැදෙව්වේ තොපේ සිරිලංකා දිපය ගැන වත ගොත ටිකක් දැන ගැනීමටය.

මගේ පංචස් කන්දයට ලේ ඩිංගක් ඉනුවේ දැන්ය. පුටුවේ හරිබරි ගැසි වාඩි වූ මා..

අවසරයි යම රජ තුමනි. මගේ නම නරපනුවා නොව. මං යා ෂා..

කියා ඉවරයක් වෙන්නට ලැබුණේ නැත්තෙහිය. හක් හක් ගා යම රජ්ජුරුවෝ පට්ට නෝන්ඩි හිනාවක් දැම්මෙහිය. වටේ ඉන්න යම පල්ලෝද බිම පෙරලි පෙරලි හිනා වෙනවාය. මොකක් හරි වැරදුනා වෙන්නට ඇතිය. මං ෂේප් එකේ බිම බලා ගත්තේය. හිනාව නැවැත්වූ යම රජු...

ඇ බං කොල්ලෝ... කොහොමද දැං සිරි ලංකාවේ ගංවතුර තත්වේ..

දැං නං වතුර බැහැලා ගිහිල්ලා යම රජෝ. අපේ මිනිස්සු ජාති බේද නැතිව විපතට පත්වෙච්ච අයව බේරා ගත්තානේ. ලංකාවේ ගොඩක් පැති වලින් මිනිස්සු සහනාධාර එහෙමත් දුන්නා.

ඒ කියන්නේ කිසිම විෂමාචාරයක් උනේ නෑ...

නෑ යම තුමනි...අසරන වෙච්ච මිනිස්සුන්ට අසාධාරනයක් කරන ජාතියක් නෙවෙයි ලංකාවේ ඉන්නේ

තොගෙ ආච්චිගේ රෙද්ද... මුසා නොපවසනු, මා තෝව ලෝදිය හැලියට ඔබනවා...

ආයේමත් මාගේ ඇග එක දිගට දුර්වල වී සුළු දිය සමග මහ දියද පහවීමට එනවා සේ දැනුනේය. පට්ට ඒසි එක මැද්දේ දාඩිය පොල්ලක්ද දැම්මේය.

ඒ කියන්නේ තෝ දන්නෑ...

මිනිස්සු එකතු කරපු ආධාර රටේ ලොකු පුටුවල ඉන්න අය, ඒ අය දෙන විදියට තම තමන්ගේ නම් ගහපු පාර්සල් වලිං දුන්නා කියලා,

සමහරු ගං වතුරට කොටු වෙච්ච මිනිස්සු ගන්න බෝට්ටු වලිං ගිහිං තමන්ගේ ජාතියට අයිති එවුන් විතරක එකක්න ආව කියලා,

බෝට්ටු වලිං ආරක්ෂිත තැන් වලට එක්ක යන්න සල්ලි ගත්තා කියලා,

සහනාධාර දෙන්න කියලා එකතු කරපු කෑම ජාති, සල්ලි යටි මඩි ගැහුවා කියලා,

අසරන වෙච්ච මිනිස්සුන්ගේ දුක සැප බලන්න යනවා කියලා සමහරු සෝබනේ දැම්මා කියලා තෝ දන්නැ...

නෑ මිස්ටර් යම. සැටිපිකට් ඇත්ත මම නං දන්නේ නැ...

බොරු නොකියව නර පනුව. තා මෙලෙස බොරු කිම නිසා තොපට ලෝදිය කල්දෙරමක් පෙවිය හැකි බව තෝ දැනගනිය.

මට තිස්තුංකෝටියක් දෙයියෝ සහ මේ ලෝකේ ඉන්න හැම දෙයියෙක්ම සිහි උනේය. දැං නං මට බඩු බනිස් වෙනවා හෝදන්න දෙයක් නැත්තෙහිය. සහලෝලා දාඩිය දමන්නෙහිය, කකුල් දෙක මැඩ්ලින් ගහන්නෙහිය, අත්දෙක ගටාර් ගසන්නෙහිය, දත් සැට් එක සට සට ගා ගැහෙන්නෙහිය....

Sunday, May 22, 2016

ආයෙත් අපිට බඩු බනිස් විය


15 වෙං හතරේ පොට් එකට එන්නට ලැබුනේ පට්ට කාලෙකට පස්සේය. පොට් එක එකසිය ගානට වල් වැදිලාය. මකුණු දැල්, කඩලා දූවිලි පිදාලා කැරපොත්තෝ කංකුන්ඩෝ එලෝලා දාලා වාසය සුදුසු තැනක් කර ගත්තේ මේ දැංය.

ඕනි කෝලිකුට්ටුවක් දෙකයි හැත්තපහයි කියලා කතාවට බහිමුය.

ආයේමත් ලංකාවට හෙනහුරා ඇස් කොනකින් වගේ බලලාය. ඒ බැල්මේ ආනුභාවයෙන් අපේ මිනිස්සුන්ට මනුස්සකම, සමාජ සත්කාරය වගේ දේවල් සුටුස් ගාලා මතක් වෙලාය.  ඒත් ලේසියකට අපිට ඔය මනුස්සකම, සමාජ සත්කාරේ වගේ දේවල් මතක් වෙන්නේ නැත්තෙහිය. හික් ගෑවෙන්නම මොකක් හරි කෙංගෙඩියක් වෙන්නම ඕනේය. නැත්නම් ලග ඉන්න එකාට හිටගෙන පන ගියත් බලන්නේ නැත්තෙහිය.

ඒ අතිං අපි හෙන විශේෂ ජාතියක්ය.

ලංකාවේ උන්ට ඕනිම දෙයක් සති දෙකක් යනකොට අමතකයි කියලා අර ප්‍රභාකරන් කියලා තියනවාලුය. මොන තරං තිරිසනෙක් උනත් ඒකා ඒ කියලා තියනවා කියන ඒ කතාව නං අමූලික ඇත්තක්ය...

ලංකාවේ සිවිල් යුද්ධයක් තිබුනෙහිය. අපේ අංහිසක කොල්ලෝ කෙල්ලෝ ජීවිත කැපකරගෙන යුද්ධය ඉවරයක් කලෙහිය. උන් එදා රණවිරුවන්ය, අද නිකංම නිකං ආමි කාරයන්ය, නේවිකාරයන්ය, පොලිස්කාරයන්ය.. යුද්ධයක් කියලා එකක් මේ රටේ තිබුණා කියලා මතකයක් වත් නැත්තෙහිය...