Sunday, October 23, 2016

හදවතින්ම ගොබිලන් වන්නෙමුය.


පූරුවේ අපූරුවට කර ගත්තාවූ අකුසල කර්මක් පළිසන් දීම හේතුවෙන් 15වෙං 4 කියා ගුබ්බෑයමක් ඇති බැව් මා හට මතක් විය. ගුබ්බෑයමේ මකුලූ දැල් අම්බානක්ය. අගල් 6 දසම 4 දූවිලි තට්ටුවක්ද සෙට් වෙලාය. සියල්ල සුද්දබුද්ද කර දැමීට මා හට පැය දෙදකුත් විනාඩි දාසයකුත් තත්පර දොලහකුත් ගතවිය.

දැං හරිය.

හරි කියන්නේ හරියටම හරිය.

කාලෙන් කාලෙට අපේ ලංකාවේ උංගේ එක ගොං බූරු ගති මතු වෙන්නේ පූරුවේ මහා වාසනා මහිමයකට බැව් මට සිතේ. ඒ වගේම වර්ථමානය වන විට තවත් එක් ගොං බූරු ගතියක් මතුවී ඇති බැව් මා හට පසක් වූයේ ජනමාධ්‍යයන්හි ගොසිප් සහ සමාජ ජාලයන්හි ප‍්‍රවෘත්ති දුටු විටදීය.

අම්මා ලෙඩක් දැම්මොත් වස බී,
අයිය ලෙඩක් දැම්මොත් වස බී...

නෑ... නෑෑ... නෑෑෑ....

ඒත් දැං එකි මෙකි නොකී හැම දේකටම සරලම හා සොදුරුම සංකල්පයක් ඇති අතර, එය කෝච්චිය සහ බෙල්ල සංකල්පය ය.


මාගේ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ හා නිගමනයන්ට අනුව ඇත්තේ ඉතාමත් සරල පියවර කිහිපයක් පමණක්ය.

මුලිංම දිනයක්, තැනක් සහ වේලාවක් සෙට් කර ගැනීම.
(දිනය තමාට කැමති දිනයක් තෝරා ගත හැකි අතර වේලාව සහ ස්ථානය සෙට් කර ගැනීමේදි සැලකිලිමත් විය යුතුය, මන්ද යත් කෝච්චි සෑම විටම නොමැති බැවින් කෝච්චි ඇති වේලාවක් සහ තමාගේ මරණය ලෝකයා වෙත ගෙනයාම සඳහා සිසිටිවී කැමරා සවිකර ඇති ස්ථානයක් තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුය)

ඉන් පසු තමන් අදහන ආගමක් සිහි කර දකුණු කකුල පෙරට තබා අදාල ස්ථානය වෙත පැමිණිය යුතුය.

අවසාන වශයෙන් කෝච්චිය එන මොහොතේදි රේල් පාරට බෙල්ල තබා ඇස් දෙක පියා ගත යුතුය.
(මීට ප‍්‍රථම මෙම අද්දැකීමට මුහුණ දී නොමැති නම් හෝ සිතට බයක් දැනේ යැයි හැගේ නම් මත් පැන් ස්වල්පයක් පානය කර සිටියාට කම් නැත)

මේ සරල පියවර කිහිපය අවසන් වන විට සියලූ තුන්දොස් නිවාරණය වී ඇතුවාට සැකයක් නැත.

ඉතිං අපි හදවතින්ම ගොබිලන් වන්නෙමුය

Monday, July 25, 2016

මා හදවතින්ම ශ්‍රී ලාංකිය වන්නෙමිය (1)



වර්ථමානය වන විට ශ්‍රි ලංකාව මුහුණ දී ඇති සමාජ, දේශපාලන හා සංස්කෘතික පරිසරය මධ්‍යයේ මාද විදෙස් භාණ්ඩ හා සේවා භාවිතය නැට්ටටම දුරු කර ශ්‍රී ලාංකික දේ පමණක් භාවිතයට ගැනීමේ උත්කෘෂ්ඨ, උදාර සහ විලි ලැජ්ජා සහගත ජාතික මෙහෙවරට බොක්කෙන්ම සප් එක දීමට 4රෙන් 15වේ පොට් එකේ සිට ඒකමතිකව තීරණය කර මාගේ අතීසාර මිත්‍රයා වූ බොකා තුමා ද මේ උදාර කටයුත්ත සදහා එක්කාසු කර ගැනීමට තිරණය කලෙමි.



දින දෙකකට පමණ පසු දත කට මැද මූණ සෝදා ඇදුම් ඇද ගැනිමට සූදානම් වූවා පමණි. මාගේ උදාර මෙහෙවර මතක් විය. මා පර දේශයන්ගෙන් එන එව්වා මෙව්වා භාවිතා නොකරමි. පැකිං වත් කඩපු නැති මාගේ සුන්දර වවුල් රාජයා වැටට උඩිං අල්ලපු වත්තේය. ඒකා චීනේ සිට ලංකාවට පියාඹා ආ වවුලෙක්ය. විනාඩි පහක් වත් ගියේ නැතිය. අල්ලපු ගෙදර නකුටු කුක්කා උඩුබුරලනු ඇසින.(නකුටු දඩෝරියා කුරියා ගසා ඇති බැව් පසුව දැනගන්නට ලැබිණ).



යටිතල පහසුකම් සුනඛයාට දමා ඇද ගැනීමට ඩෙනිමක් ගත්තෙහිය. කරුමෙක මහත. මේඩිං යූකේ ය. චීකේ කියා සිතුනු මා ඩෙනිමද වැටට උඩිං අල්ලපු වත්තේය. මා හට ලබා ඇති ග්‍රහයා නීච වී පච වි ඇති බැව් තේරුනේ අදින්නට ටී ෂර්ට් එක අතට ගත් විටය. ඒ මංගල්‍යත් මේඩිං ඉංදියා ය.



මොන අවමංගල්‍යක් උනාද කියා එකොලොස් අතේ කල්පනා කර කර ඉන්න කොට වැරදීමකින් වගේ කන්නාඩිය දෙස බැළුනි. එහි දුටු ප්‍රථිබිම්භය දුටු මා එක දිගටම ඇග දුර්වල වී ක්ලාන්ත වීටම එනවා සේ දැනුනි. දනි පනි ගා දෑතින් දෑස වසාගත් මා ඇදට ලෑන්ඩ් කරන ලද්දෙමිය.



කතා දෙකක් නැත. දෙකක් තියා කතා තුනක් වත් නැත. මා හදවතින්ම විතරක් නොව මුළු සර්වාංගයෙන්ම සිරි ලාංකික වන්නෙමිය.

Friday, May 27, 2016

යම රජු සමග.. (විත් මිස්ටර් කිංග් යම)




හාල් හුන්ඩු දෙකක විතර බතා පාරක් දෑමු මා හිටි හැටියේම නිංදෙන් ඇහැරුණේ පට්ට සිතලක් සමග කවුරුන්හෝ කතා කරනු ඇසීනු නිසාය.

එම්බා නර පනුව.. වහා නැගිටිනු..

මොකා..
නරි පනුවා. කවුද යකෝ මට පනුවා පනුවා කියන්නේ.
දෙන්න හිතෙනවා හොම්බට 54ක් විතර.
විකසිත වෙන්නට ගිය පුෂ්පෙත් එක්කම මා ඇදෙන් නැගිට්ටේ මට පනුවා කියූ තැනැත්තා කවුදැයි බැලීමටය..

කිරි අප්පට..

හුටස් ගා මා කලන්තේ දා වැටුනේය. ආයේමත් සිහිය එනකොට මා වටා දෙතුන්දෙනකු වතුර ඉසිමින් සිටියේය. උන්ගේ කටවල් වල කෘන්තක දත් එලියට ඇවිල්ලාය. ෂුවර් එකටම මුං සෙට් එක ඩ්‍රැකියුලාගේ පරන බැජියෝ සෙට් එකක් වෙන්නට ඕනේය. සුටුස් ගා නැගිට්ටෙමි. 3,2,1 හුරේ රන් කියන්න හදන කොටම සැට් එක මාව අල්ලා ගත්තේය. අල්ලාගෙන ගොස් පුටුවක් උඩ වාඩි කෙරෙව්වේය. මා ඉස්සරහා සිංහාසනයක් වගේ එකක්ද තිබුණේය. ෂුවර් එකටම මේක නං අපායේ සිංහාසනයක් වෙන්නට ඕනි කියලා සිතුනා විතරය, මෙන්න යකෝ යම රජා ඒ සිංහාසනයට ප්‍රාදූර්භූත විය. ආයේමත් එක දිගට ඇග දුර්වල වි සුලු දිය පහවන්නට යන්නාක් සේ දැනුනිය.

එම්බා නර පනුව. තා බිය නොවනු. මා තොපව මෙහි කැදෙව්වේ තොපේ සිරිලංකා දිපය ගැන වත ගොත ටිකක් දැන ගැනීමටය.

මගේ පංචස් කන්දයට ලේ ඩිංගක් ඉනුවේ දැන්ය. පුටුවේ හරිබරි ගැසි වාඩි වූ මා..

අවසරයි යම රජ තුමනි. මගේ නම නරපනුවා නොව. මං යා ෂා..

කියා ඉවරයක් වෙන්නට ලැබුණේ නැත්තෙහිය. හක් හක් ගා යම රජ්ජුරුවෝ පට්ට නෝන්ඩි හිනාවක් දැම්මෙහිය. වටේ ඉන්න යම පල්ලෝද බිම පෙරලි පෙරලි හිනා වෙනවාය. මොකක් හරි වැරදුනා වෙන්නට ඇතිය. මං ෂේප් එකේ බිම බලා ගත්තේය. හිනාව නැවැත්වූ යම රජු...

ඇ බං කොල්ලෝ... කොහොමද දැං සිරි ලංකාවේ ගංවතුර තත්වේ..

දැං නං වතුර බැහැලා ගිහිල්ලා යම රජෝ. අපේ මිනිස්සු ජාති බේද නැතිව විපතට පත්වෙච්ච අයව බේරා ගත්තානේ. ලංකාවේ ගොඩක් පැති වලින් මිනිස්සු සහනාධාර එහෙමත් දුන්නා.

ඒ කියන්නේ කිසිම විෂමාචාරයක් උනේ නෑ...

නෑ යම තුමනි...අසරන වෙච්ච මිනිස්සුන්ට අසාධාරනයක් කරන ජාතියක් නෙවෙයි ලංකාවේ ඉන්නේ

තොගෙ ආච්චිගේ රෙද්ද... මුසා නොපවසනු, මා තෝව ලෝදිය හැලියට ඔබනවා...

ආයේමත් මාගේ ඇග එක දිගට දුර්වල වී සුළු දිය සමග මහ දියද පහවීමට එනවා සේ දැනුනේය. පට්ට ඒසි එක මැද්දේ දාඩිය පොල්ලක්ද දැම්මේය.

ඒ කියන්නේ තෝ දන්නෑ...

මිනිස්සු එකතු කරපු ආධාර රටේ ලොකු පුටුවල ඉන්න අය, ඒ අය දෙන විදියට තම තමන්ගේ නම් ගහපු පාර්සල් වලිං දුන්නා කියලා,

සමහරු ගං වතුරට කොටු වෙච්ච මිනිස්සු ගන්න බෝට්ටු වලිං ගිහිං තමන්ගේ ජාතියට අයිති එවුන් විතරක එකක්න ආව කියලා,

බෝට්ටු වලිං ආරක්ෂිත තැන් වලට එක්ක යන්න සල්ලි ගත්තා කියලා,

සහනාධාර දෙන්න කියලා එකතු කරපු කෑම ජාති, සල්ලි යටි මඩි ගැහුවා කියලා,

අසරන වෙච්ච මිනිස්සුන්ගේ දුක සැප බලන්න යනවා කියලා සමහරු සෝබනේ දැම්මා කියලා තෝ දන්නැ...

නෑ මිස්ටර් යම. සැටිපිකට් ඇත්ත මම නං දන්නේ නැ...

බොරු නොකියව නර පනුව. තා මෙලෙස බොරු කිම නිසා තොපට ලෝදිය කල්දෙරමක් පෙවිය හැකි බව තෝ දැනගනිය.

මට තිස්තුංකෝටියක් දෙයියෝ සහ මේ ලෝකේ ඉන්න හැම දෙයියෙක්ම සිහි උනේය. දැං නං මට බඩු බනිස් වෙනවා හෝදන්න දෙයක් නැත්තෙහිය. සහලෝලා දාඩිය දමන්නෙහිය, කකුල් දෙක මැඩ්ලින් ගහන්නෙහිය, අත්දෙක ගටාර් ගසන්නෙහිය, දත් සැට් එක සට සට ගා ගැහෙන්නෙහිය....