Friday, August 28, 2015

යාෂා ගේ ඇග සලිත වෙන බස් සවාරිය.



අති සුරම්ය සිරි ලංකා බ්ලොග් කියවන්නන්ට ලියන්නන්ට එකි මෙකි නොකි සේරම එවුන්ට ආයබෝවං ය. උඹලාට ආයුබෝවං කිවාට යා ෂා සිටිනුයේ රමණියවූත්, ඇග සලිත වන්නා වූත්, බඩ බුරුල් වන්නාවූත් බස් සවාරියකින් පසුව 15වෙං 4රේ බූරු ඇදට වෙලා, කොන්ද රිවට්වී චැසි බොල්වී සැප ගනිමින්ය. ලංකාවට අධිගෘහිතවූ තිස්තුං කෝටියක් වෙච්චි දෙව්වරු යා ෂා දිහා බලන්ට ඇතැයි සිතන්නෙහිය.

සිකුරාදා හැන්දෑවේ කොලබළඹ ඉදන් ගෙදර යන්න ගාල්ල බස් එහෙකට නැග්ගේය නැංගේය. කොන්දා කෑ ගැසුවේ සිට් තියනවා නගින්න කියලාය. බස්සෙකට නැගලා බලන විට සීට් ඇත ඉදගන්නට සිට් නැත්තේය. කොන්දාගේ ආච්චී ඇතුළු හත්මුතු පරංපරාවටම පිං අනුමෝදං කර ඊලග බස්සෙකේ යන්න බැස්සෙහිය.

ඊලග බස් එකත් ආවෙහිය. ප්‍රවේගකාරි වූ මල්ලවපොර තරගයකින් පසුව බස්සෙකට නැග සීට් එකක් අල්ලා ගත්තෙහිය. ඒත් කොන (ජනේලෙ ලග සිට් එක) අල්ලා ගන්න බැරි විය. විනාඩි පහක් ගියේ නැත්තෙහිය. බස් එක පුල්ය. ඒත් කොන්දාට තාම පුල් වී නැත්තෙහිය. ඒ මදිවට බස්සෙක පුල් ඒසී ය. තවත් විනාඩි 59යි තප්පර 59කට පස්සේ ඒ රමණිය වූ බස් සවාරිය ආරම්බ විය.

පැයට කිලෝමිටඒ 15ක වගේ අධික වේගයෙන් බසය ධාවනය වන්නෙහිය. පුස් බයිසිකල් කාරයෙක් බස්සෙක පාස් කරන් යන අති දුර්ලබ දර්සනයක් බලා ගැනීමටද මා පුන්‍යවන්ත උනෙහිය. පැයකට විතර පස්සේ බස්සෙක බම්බලපිටිය හරියට ආවෙහිය. එකෙක් ලන්න ඇද්දෙහිය. මල හත්ඉලවුවක්ය. බස්සෙකට නගින්න ඉදපු ගැනු ටික මර ලතෝනි තියාගෙන දුවන්න ගත්තෙහිය. තරුණ පහේ ගෑනු දෙන්නෙක් කලංතේ දාලා වැටිලාය. වයසක පොරක් ලැජ්ජාව අත්දෙකෙං වහන් කොන්දා මලයාගේ පරංපරා හත අටකම ගුන ගයනවාය. කේස් එක මොකක්ද කියලා බැලිංනම් පොරගේ සරම බස්සෙකේය.

පානදුරෙං බස්සෙකට බඩදරු අම්මෙක් නැග්ගේය. සමහරුන්ට රා කල 7 ඇදලා ඇරපු නාලාගිරියා වගේ බුදිය. එකෙක් පෝං එකෙන් පට්ට කෝල් එකක්ය. ඒ අම්මා ඉන්න තැනම සීට් එකේ එකි අහසේ තරු ගානයි පොලවේ ඇති වැලි කැට ගානයි සොයන පට්ට සමීකරණයක් හිතෙන් හදනවාය. යා ෂාගේ උන්ඩුක පුච්චේ ඉදං හිත උනුවේගෙන ආවෙහිය. ඒ අම්මාට සීට් එක දුන්නෙහිය. පැණි බේරෙන මල් මල් හිනාවක් දාලා වාඩි උනේය..

දැං යා ෂා හිටගෙන යන්නෙහිය. කොන්දා මැද පොල්ල අල්ලං ඉස්සරාට යන්නෙයි කියලා කෑ ගසන්නෙහිය. ඒකාට දෙයියංගේ මොනවා හරි කැවිලය. පොල්ල අල්ලං ඉස්සරාට යන්න තියා වම් කකුල බිමින් තියා ගන්න පටිටම ගේමක් දුන්නත් තාම බැරි විය. එක සැරේටම ඇස් උඩ ගියේය, සුලු දිය පහවෙන්න වගේ ආවේය. බැලිංනම් සුකොමල තප්පදෝරු ගෑණියෙක්ගේ හයි හීල්ස් එකක් කකුල උඩට ලෑන්ඩ් කරලාය. මට හික් ගෑවුනෙහිය. ආනේ මල්ලි රිදුනද සොලි.... කියලා ඒකි කිවෙහිය. හප්පට සිරිය.. පුත්තලං බූරියෝ දෙතුන් දෙනෙක්ගේ වයස තියන ඒ අම්මන්ඩි මට මල්ලී ලුය. ඇස්දෙකෙන් පැන්න කදුලු අතරින් අවුල්ක් නෑ ඇන්ටි කියලා කිවා විතරය, කකුල ගල් රෝලකට අහු උනා වගේ දැනුනෙහිය.

එක සැරේටම ජස්ටිං බාබර් බස්සෙක ඇතුලේ ලතෝනි දෙන්නට පටන් ගත්තෙහිය.

හලෝ...
ඔව්වොව් මේ වද පුංචිගේ පුතා තමයි දොඩන්නේ..
නෑ නෑ තාම බස්සෙකේ...
තාම පයියාගල පහු උනේ
නෑ නෑ
හා හා
හරි හරි
මං කියන්නං

එකෙක්ට කෝල් එකක් ඇවිල්ලාය. පට්ට අපරාදයක්ය. ඒකාට ගාල්ල පැත්ත බලාගෙන පෝං එක සාක්කුවේ දාගෙන කිවත් පනිවිඩේ දෙන්ඩ පුලුවංය. පෝන් බිලත් ඉතුරු වෙන්නෙහිය.

ඔන්න බහින තැනත් ලං උනෙහිය. ලන්න ඇද්දෙහිය. හුටාය. ලන්න අතේය. ඊලග හෝල්ට් එකේ බහිනවෝ... පුලුවං තරං ඩම් එක දා කෑගැසුවෙහිය. හෝල්ට් එක ලංවෙන කොට බස්සෙක බ්රේක් ගහනවා වගේ දැනුනෙහිය. හෝල්ට් එකත් පසුවි ඊලග හෝල්ට් එකට අඩි දෙක තුනක් මෙහායින් බස්සෙක නතර වුනෙහිය. (සුවර් එකටම බස්සෙකට හයි කරලා තියෙන්නේ කෝච්චි බ්රේක් එකක් විය යුතුය)

හප්පට සිරි වෙන්නෙහිය. යාන්තන් බස්සෙකෙන් එලියට ඇගිල්ලක් දාගත්තෙහිය. ඉන්පසු පිලිවෙලින් අත්දෙකම ඔලු ගෙඩිය දකුණු කකුල හා ඇගේ කොටසක් එලියට දා ගත්තෙහිය. කිරි අප්පට බල්ලො බුරපිලුය. අනික් කකුල එලියට දාගන්න කලිං බස්සෙක ඇද්දුවෙහිය. අබ සරණයිය. අන්ක් කකුලත් ඊලග හෝල්ට් එකෙන් එලියට දාගත්තෙහිය. බස් ඩ්‍රැයිවරයාගේ ආච්චිව මතක් කරමින් හෝල්ට් එකක් ආපස්සට පයිං ඇවිත් 15වෙන් 4ට ගොඩ උනෙහිය.

බස් සවාරිය ඉවරයි ය. පශ්චාත් බස් සවාරි මෙව්වා එක ඊලග කොසටින් 15වෙන් 4රේ බූරු ඇද උඩ ඉදං ලියන්නෙහිය.

8 comments:

  1. ගාල්ලට යනවනම් අමාරුවෙන් හරි කෝච්චියේ පලයන්. මොනවා උනත් ඒක ලේසියි. සෙනග කෙස් එකනම් ඉතින් ඔය වගේම තමයි. එත් මග රස්තියාදුව අඩුයි.

    ReplyDelete
    Replies
    1. හැක හැක..
      කෝච්චි ගමන නං මල් මසුරන්ය.. කෝච්චි සවාරිය ඉදිරියේ එනවාය..

      Delete
  2. යකෝ නලියාගේ කෝච්චි කතාව කියවලා අාවා විතරයි උඹ බස් කතාව ලියලා... මේවා සුපිරියි... මොකද ඒ කාලේ කැම්පස් ඒකක් පැත්තේ ඉද්දි හැමදාම වගේ 154 කැළණිය විවි ළග ඉදලා බොරැල්ලට යනවා..... පස්සේ ජොබකට සෙට් වුණාම ඒතැන ඉදලා ම හැමදාම 154 ම අවුරුදු ගානක් ගියා.... අාය මොන සැපද???? පාලමට ඒහා පැත්තෙම පැය බාගයක් විතර නවත්තලා තියෙනවා.. අා ඔය පෑලියගොඩද කොහෙද ගුවන් පාලම හැදුවෙත් ඒ කාලේ.... අාය සැප කනේ...

    ReplyDelete
    Replies
    1. යා ෂාගේ කෝච්චි කතාව ඔන්ද වේ ය..
      සැප කනේ කන සාක්කුවේය...

      Delete
  3. මුල ඉදලා අගටම කියවන්න පුලුවන්......
    ++

    ReplyDelete
    Replies
    1. එල ය...
      ආයෙත් එන්ඩය..

      Delete