හාල් හුන්ඩු දෙකක විතර බතා පාරක් දෑමු මා හිටි හැටියේම
නිංදෙන් ඇහැරුණේ පට්ට සිතලක් සමග කවුරුන්හෝ කතා කරනු ඇසීනු නිසාය.
එම්බා නර පනුව.. වහා නැගිටිනු..
මොකා..
නරි පනුවා. කවුද යකෝ මට පනුවා පනුවා කියන්නේ.
දෙන්න හිතෙනවා හොම්බට 54ක් විතර.
විකසිත වෙන්නට ගිය පුෂ්පෙත් එක්කම මා ඇදෙන්
නැගිට්ටේ මට පනුවා කියූ තැනැත්තා කවුදැයි බැලීමටය..
කිරි අප්පට..
හුටස් ගා මා කලන්තේ දා වැටුනේය. ආයේමත් සිහිය එනකොට මා වටා දෙතුන්දෙනකු වතුර ඉසිමින් සිටියේය. උන්ගේ කටවල් වල කෘන්තක දත් එලියට ඇවිල්ලාය. ෂුවර් එකටම මුං සෙට් එක ඩ්‍රැකියුලාගේ පරන බැජියෝ සෙට් එකක් වෙන්නට ඕනේය. සුටුස් ගා නැගිට්ටෙමි. 3,2,1 හුරේ රන් කියන්න හදන කොටම සැට් එක මාව අල්ලා ගත්තේය. අල්ලාගෙන ගොස් පුටුවක් උඩ වාඩි කෙරෙව්වේය. මා ඉස්සරහා සිංහාසනයක් වගේ එකක්ද තිබුණේය. ෂුවර් එකටම මේක නං අපායේ සිංහාසනයක් වෙන්නට ඕනි කියලා සිතුනා විතරය, මෙන්න යකෝ යම රජා ඒ සිංහාසනයට ප්‍රාදූර්භූත විය. ආයේමත් එක දිගට ඇග දුර්වල වි සුලු දිය පහවන්නට යන්නාක් සේ දැනුනිය.
එම්බා නර පනුව. තා බිය නොවනු. මා තොපව මෙහි කැදෙව්වේ තොපේ සිරිලංකා දිපය ගැන වත ගොත ටිකක් දැන ගැනීමටය.
මගේ පංචස් කන්දයට ලේ ඩිංගක් ඉනුවේ දැන්ය. පුටුවේ හරිබරි ගැසි වාඩි වූ මා..
අවසරයි යම රජ තුමනි. මගේ නම නරපනුවා නොව. මං යා ෂා..
කියා ඉවරයක් වෙන්නට ලැබුණේ නැත්තෙහිය. හක් හක් ගා යම රජ්ජුරුවෝ පට්ට නෝන්ඩි හිනාවක් දැම්මෙහිය. වටේ ඉන්න යම පල්ලෝද බිම පෙරලි පෙරලි හිනා වෙනවාය. මොකක් හරි වැරදුනා වෙන්නට ඇතිය. මං ෂේප් එකේ බිම බලා ගත්තේය. හිනාව නැවැත්වූ යම රජු...
ඇ බං කොල්ලෝ... කොහොමද දැං සිරි ලංකාවේ ගංවතුර තත්වේ..
දැං නං වතුර බැහැලා ගිහිල්ලා යම රජෝ. අපේ මිනිස්සු ජාති බේද නැතිව විපතට පත්වෙච්ච අයව බේරා ගත්තානේ. ලංකාවේ ගොඩක් පැති වලින් මිනිස්සු සහනාධාර එහෙමත් දුන්නා.
ඒ කියන්නේ කිසිම විෂමාචාරයක් උනේ නෑ...
නෑ යම තුමනි...අසරන වෙච්ච මිනිස්සුන්ට අසාධාරනයක් කරන ජාතියක් නෙවෙයි ලංකාවේ ඉන්නේ
තොගෙ ආච්චිගේ රෙද්ද... මුසා නොපවසනු, මා තෝව ලෝදිය හැලියට ඔබනවා...
ආයේමත් මාගේ ඇග එක දිගට දුර්වල වී සුළු දිය සමග මහ දියද පහවීමට එනවා සේ දැනුනේය. පට්ට ඒසි එක මැද්දේ දාඩිය පොල්ලක්ද දැම්මේය.
ඒ කියන්නේ තෝ දන්නෑ...
මිනිස්සු එකතු කරපු ආධාර රටේ ලොකු පුටුවල ඉන්න අය, ඒ අය දෙන විදියට තම තමන්ගේ නම් ගහපු පාර්සල් වලිං දුන්නා කියලා,
සමහරු ගං වතුරට කොටු වෙච්ච මිනිස්සු ගන්න බෝට්ටු වලිං ගිහිං තමන්ගේ ජාතියට අයිති එවුන් විතරක එකක්න ආව කියලා,
බෝට්ටු වලිං ආරක්ෂිත තැන් වලට එක්ක යන්න සල්ලි ගත්තා කියලා,
සහනාධාර දෙන්න කියලා එකතු කරපු කෑම ජාති, සල්ලි යටි මඩි ගැහුවා කියලා,
අසරන වෙච්ච මිනිස්සුන්ගේ දුක සැප බලන්න යනවා කියලා සමහරු සෝබනේ දැම්මා කියලා තෝ දන්නැ...
නෑ මිස්ටර් යම. සැටිපිකට් ඇත්ත මම නං දන්නේ නැ...
බොරු නොකියව නර පනුව. තා මෙලෙස බොරු කිම නිසා තොපට ලෝදිය කල්දෙරමක් පෙවිය හැකි බව තෝ දැනගනිය.
මට තිස්තුංකෝටියක් දෙයියෝ සහ මේ ලෝකේ ඉන්න හැම දෙයියෙක්ම සිහි උනේය. දැං නං මට බඩු බනිස් වෙනවා හෝදන්න දෙයක් නැත්තෙහිය. සහලෝලා දාඩිය දමන්නෙහිය, කකුල් දෙක මැඩ්ලින් ගහන්නෙහිය, අත්දෙක ගටාර් ගසන්නෙහිය, දත් සැට් එක සට සට ගා ගැහෙන්නෙහිය....
එම්බා නර පනුව, යම රජු වූ මා ඇතුළු මේ සියළු යම පල්ලන් උඹලාගේ මිනිස් සංහතිය වාගේ අසාධාරන නොවන්නෙහිය, දඩුවමක් දෙතොත් වැරදි කරුවන්ටම පමණක්මය. ඒ නිසා තොපට දඩුවම් පැමිණවීමට පෙර තා කිවේ සත්‍යක්ද අසත්‍යක්ද දැනගැනීමට මා තොපට සත්‍ය/අසත්‍ය දැනගැනීමේ යන්ත්‍රයට තොපව දමමි. තොප වැරදි කරු වුවහොත් තොපට කිසිම සමාවක් නැත්තෙහිය.
මා පුටුවක වාඩි කෙරුණි. වෑර් කෑලි ඇග පුරාම ගැසුවෙහිය. පුටුවට සවි කල රතුපාටයි කොල පාටයි බලුප් දෙකක්ද තිබිණ.
මිස්ටර් කිං යම ආවෙහිය.
මා පෙර තොපෙන් ඇසූ පැනයන්ට පැවසූ පිළිතුරු තොපගේ දැනීමේ හැටියට නිවැරදි..
එසේය යම රජුනි...
බීප් බීප් බීප්....
හුරේ...ය කොල පාට බලුප් එක පත්තු වෙලාය. කිං යම ත් ෆුල්
හොල්මං වෙලාය. මා නිවැරදි වී ඇත්තෙහිය.
තොප නිවැරදියි.ඒ වගේම තෝ දන්න ඇටි කෙහෙලක්ද නැත්තෙහිය,තොප නොදන්නා බොහෝ දේ ඇත්තෙහිය. කිං යම විසින් මා පුළුල් තිරයක් වෙත රැගෙන ගියේය. එය පට්ට විසාල එකකි. එහි තිබුනේ ලොක සිතියමක්ය. කිං යම විසින් එහි ලංකාව සිලෙක්ට කරන ලද්දේය. ඔප්ෂන් තොගයක එක්පෑන් විය. එහි ගංවතුර කාලයේ සිදුවු වීෂමතා කියලා තිබු ලිංකුව කිලික් කලේය.
වීඩියෝ එකක් ප්ලේ වන්නට විය. එය දකින විට මා හට මා වටේ උන් හැම කෙනෙක්ම කැරකෙනවා වගේ දැනුනෙහිය. ඒත් එක්කම
තෝ අද නැගිටින්නේ නැද්ද. යසයි ඉලංදාරියා පු* ට එළිය වැටෙනකන් නිදියන් ඉන්න හැටි.
මා දඩි බිඩි ආ නැගිට වටපිට බැලුවෙහිය.
කෝ මේ කිං යම.. මා ඇසු විට...
තොට අමු කැවිලද, මේං මේ තේ එක බීලා මූන සෝදගෙන කෑම කනවා. යයි කිය අම්මා කාමරයෙන් යන්නට ගියෙහිය.
ලිපිය ලිවීමෙන් පසු නැවත කියවා බලන්න. එවිට පහත දැක්වෙන ආකාරයේ අඩුපාඩු සකසා ගන්න පුළුවන්.
ReplyDeleteදෑමු, නර පුනුව, ඇදෙන්, පුටුවක් උඩ වාඩු කෙරෙව්වේය, ඇග,කැදෙව්වේ, මේ කීපයක් පමණයි.
විකට රසය ඇතිකිරීම සඳහා ඔබ වාක්‍යවල උක්තාඛ්‍යාත යෝගය නොසලකන්නට ඇතැයි සිතනවා.
චන්ද්‍ර අනගිරත්න සහ සරත්චන්ද්‍ර පත්තඬුවන ශෛලිය මේ ලිපියේ දකින්නට ලැබෙනවා. ලේඛන කලාව තවත් වැඩිදියුණු කරගැනීම සඳහා හැකිතරම් අඩුපාඩු අවම කරගන්න.
බොහොමත්ම ස්තූතියි විචාරක
Deleteකොහොමටත් මගේ උක්තාඛ්‍යාත ගැලපීම අන්තිමයි.
වැරදි හදා ගැනීමට උපරිම උත්සාහය ගන්නවා. පෙන්වා දෙන්න දිගටම
“වැරදි ඇතොත් කියාදෙන්න, ආසයි මං හදා ගන්න“
මටත් මේ ලිවිල්ල හුරු පුරුදුයි, ලස්සණට ගලපලා තියෙනවා.
ReplyDeleteපුතා අන්තිම වාක්‍යයේ අතීත කාලයෙන් අවසන් කරපු එක "ගියාය" කියල වෙනස් උනොත් හොඳයිනේ..
ස්තූතියි ලලිත්.
ReplyDelete