Thursday, August 27, 2015

මේ පුරුස සක්තිය පෙන්වීමට කාලයයි




අද ලියන්නේ කොල්ලෝ ගැනය. වැරදියට හිතන්න එපාය. කොලු සීන් එකක් ගේ කුරුළු කතාවක් නෙවෙයිය. අද සමාජයේ කොල්ලන්ට ඇති තැන ගැනය. ඒක නම් හිතන්නවත් බැරි දුක් සීන් එකක්ය. කොල්ලන්ගේ තැන බල්ලන්ට ඇති තැනටත් වඩා පහතට වැටිලාය. බොරු කියලා හිතනවා නම් මේන් බලහල්ලාය...

කොල්ලෙක් බස් එකක යන්නෙහිය. කොල්ලා වාඩි වෙලා ඉන්න සීට් එකේ අනික් පැත්තේ සිට් එකට කෙල්ලෙක් වාඩි වෙන්නෙහිය. ටිකක් වෙලා යනකොට කොල්ලට නින්ද යන්නෙහිය. කෙල්ලගේ උරහිසට ලෑන්ඩ් වෙන්නෙහිය. ඔන්න කෙලිය පටාාාන් ගන්නේ දැන්ය. කොල්ලා වනචරයෙක්ය, කුපාඩියෙක්ය. ඒත් ඔය සීන් එක අනික් පැත්තට උනොත් වැරදීමක්ය. අනේ සොරි කියලා හිනාවක් දැම්මාම ගේම ක්ලෝස්ය. කොල්ලා සොරි කීවොත් ඌට සොරි ඩොට් කොම් වෙන්නෙහිය.

ඒ බස් එකේම කොල්ලෙක් හිටගෙන යන්නෙහිය. ඩ්‍රයිවර් මමා දඩ බ්රේක් පාරක් ගසන්නෙහිය. කොල්ලා ගිහින් කෙල්ලෙක්ගේ ඇගේ ලෑන්ඩ් වෙන්නෙහිය. එතකොට කොල්ලා මෝල් අමාරුකාරයෙක්    ජැස්සන් කෙනෙක්ය, වනචරයෙක්ය. කෙල්ලෙක් එහෙම උනා නම් අනේ සොරි. වැරදීමක්. බ්රේක් පාරට විසි උනේ. ගේම ක්ලෝස්ය. එතනත් කොල්ලා බලු විය.

කොල්ලෙක්ට පට්ටම පට්ට බොකක් සෙට් වෙන්නෙහිය. ඒකා ටොයිලට් එකට දුවන්නෙහිය. වැඩේ කොරලා එනකොට ටොයිලට් එකේ පට්ට පෝලිමක්ය. ඒ සේරම ගෑණුය. කෙලියා යි. කලබලේට දුවලා තියෙන්නේ ගෑනු කක්කුස්සියටය. ඒකාට වෙන දේවල් කම්පනා කලොත් අපිට බොක සෙට් වෙන්නෙහිය. ඒත් ගැණියෙක්ට  ඉස්තිරි පාර්සවයෙන් උනා නම් පට්ට වැරදීමක්ය. කෙල්ල බේරිලාය.

ඔන්න කෙල්ලෙක් කොල්ලෙක්ව ඉඹිනවාය. ඒ සහෝදර කමටය. කොල්ලා ඒ කෙල්ව ඉබින්න ගියොත් වනචරකමය. නැහැදිච්චකමය. කොල්ලට බඩු බනිස්ය.

කොල්ලෙක් කෙල්ලෙක් දිහා දෙතුත් සැරයක් බැලුවොත් කොල්ලා කෙල්ලට පැණි හලන්නෙහිය. ඒත් කෙල්ලෙක් කොල්ලෙක් දිහා දෙතුන් සැරයක් බලලා සීන් එක නෝන්ඩි උනොත් කෙල්ල කොල්ලා දිහා බැළුවේ නිකමටය.

කොල්ලෙක්ගේ අතිං වාහනයක් හැප්පෙන්නෙහිය. තත්වය සෝචනීයයිය. සේරම එකතු වෙලා කොල්ලාට රෙඩ් පොට් කරවන්නෙහිය. කෙල්ලෙක්ගේ අතිං වාහනයක් හැප්පෙන්නෙහිය. වැරදීමක්ය.

ඊට පස්සේ කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවොත් ඒකා පොන් නපුංසකයෙක්ය, ඒත් කෙල්ලෙක් කොල්ලෙක්ට ගැහුවොත් ඒ නිර්භීත කමටය, ආත්ම ආරක්සාවටය.

වැඩිය ඕනේ නැත්තේය. කොල්ලෙක් අසනීපයක් වෙලා කබරයා පාරක් දැම්මොත් ඒකා පට්ට බේබද්දෙක්ය.

දැං ඉතිං පුරුසයන් වෙනුවෙන් පෙල ගැසීම  කාලය එලබ ඇත්තේය. පුරුස සක්තිය පෙන්විමට සැම කිරියාමාර්ගයක්ම ගන්නට ඕනේය... නැත්නම් වැඩි කල් නොයා පුරුස සංහතියටම බබා හම්බෙන්නෙහිය. 15වෙං 4රේ ඉදන් යා ෂා  ගේමට සෙට් වෙන්නෙහිය.

4 comments:

  1. කොල්ලෝ කාලේ පහු කරලා මහා උන් උනාමත් ඕකේ වෙනසක් නෑ බං. දැන් බලපන් බස් එකක් ගත්තොත්.. හාමුදුරුවන්ට/ පුජ්ජ පස්සේට, බඩ දරු අම්මලට, ගෑනුන්ට, ලෙඩ්ඩුන්ට, වයසක උන්ට, අරුන්ට මුන්ට ඔක්කොටම සීට් වෙන්කරලම තියෙනවා. ඔය ඔක්කොටම හම්බ කරලා කන්ඩ දෙන එක මිනිහෙකුට සීට් එකක් තියෙනවද. වැරදිලා හරි ඉඳගෙන හිටියත් ඊළඟට නගින එකට දෙන්න වෙනවා.. මේක පිරිමින්ට හරිම කූර ලෝකයක් බොල..

    ReplyDelete
    Replies
    1. මෙන්න සද්දේ..
      කල්‍යාණ මිත්තරට ජයවේවා ය..!

      Delete
  2. ජයවේවා අපි පුරුස සක්තිය අතට අරං සටනට බහිමු.......

    ReplyDelete
    Replies
    1. ජය වේවා ය...!
      එව්වා අතට ගන්ට යන්ඩ එපාය.

      Delete