Saturday, August 22, 2015

හිනාව


යා ෂා කියන්න යන්නේ හිනාව ගැනය. හිනාව වනාහි (හිනාව වනාහි කියලා කිවේ හිනාව වැනෙනවා කියලා නෙවෙයිය.) ඕනම එකෙකුට හෝ එකියකුට ගෙඩි පිටින් ෆ්‍රී දෙන්න පුලුවන් මෙව්වා එකක්ය. ඒත් සමහර එවුන්ගේ කටින් හිනාවක් පිටවෙන්නේ ඇගෙන් ඇටයක් යනවා වගේය. 

සමහර එවුන් ඉන්නවාය.. එවුන්ගේ මූණු වල හිනාවක් තියා හිනාව මොකක්ද කියලා දන්නේවත් නැතිය. ඉන්නේ මුණු පුයන්නයි කයන්නයි වාගේ කරගෙනය. උදේ පාන්දර දැක්කොත් නම් අබ සරණයිය. හොදි ඕනේ නැතිය. කොටින්ම කියනවා නම් මුසලකම ගෙනාපු නැව් ය.

තවත් සමහරු ඉන්නවාය.. දෙයියනේ කියලා මූනේ හැම වෙලාවකම හිනා රැල්ලක් තියනවාමය. එහෙම එකෙක්ව හෝ එකියක්ව උදේ පාන්දර දැක්කොත් නම් දවසම මල් හතයි ය. 

ඔය අතරේ යා ෂාට කවුදෝ කියපු එකක් මතක් වෙන්නෙහිය.
පුලුවන් හැම වෙලාවකම හිනා වෙලා හිටපන්ය. ඒක පට්ම හොද දෙයක්ය. හැබැයි ඒ හිනාවෙන් මොකෙක්ගේ හරි හිතක් රිදෙනාව නම් ඒ හිනාව ගිල ගනින් ය.

පුරානයේ ඉදපු පඩිවරු “සිනාසී තර වෙන්න“ කියලා දෙසාබාලා තියනවාලුය. හිනා උනාම මහත් වෙනවාද කියා මම දන්නේ නැතිය. ඒත් එකෙක් ඉන්නවාය. ඒකා හැම වෙලාවේම ඉන්නේ පුල් ආතල් එකේ හිනා වේගෙනමය. ඒත් ඒකා කෝටුකිතයියාගේ බාල පුතා වගේය. ඒක් ගෙදරින් එලියට යනකොට කිලෝ දහයේ තරාදි පඩියක් බැග් එකේ දාගෙන යන්නෙහිය. ඒ වැරදිලාවත් හුලගක් ආවොත් ඒකාව ගසාගෙන යන එක වලක්වන්නය.

එ් වගේම යා ෂා හිනාවල් හතරක් ගැන අහලා තියෙන්නෙහිය. සමහරු දන්නවාත් ඇතිය. නොදන්නා එවුනුත් ඉන්නවා ඇතිය. නොදන්නා උන්ට දැනගන්නට කියන්නම්ය. (සමහර විට මේ හිනා හතර වැරදි වෙන්න පුලුවන් ඇතිය. හරි එක දන්නා එකෙක් හෝ එකියක් ඉන්නවා නම් කමෙන්ට් කරපන්ය)

  1. කෘන්තක හිනාව
  2. රදනක හිනාව
  3. චාර්වක හිනාව
  4. පුරස්චාර්වක හිනාව

දැන් ඉතින් ඔය හතර හිනාව දාන්නේ කොහොමද කියලා අහන්න එපාය. දන්නා එවුන්ගෙන් අහලා දැනගනිල්ලාය.

ඒ වගේම අපි කාටවත් හිනා වෙන්න හොද නැතිලුය. ඒත් අපිට මොකෙක්ව හරි හිනස්සවන්න පුලුවන් නම් ඒක හොදයිලුය. 

තව ජුංඩෙන් අමතක වෙනවාය. ඔය හතර හිනාවට අමතර තවත් වර්ග දෙක තුනක්ම ඉන්නවාලුය.
  • බොක්කේ පට්ට දුකක් තියාගෙන ලෝකෙට පේන්න හිනා වෙන උන්ය. 
  • රවන්න බැරි කමට හිනා වෙන උන්. මෙවුන් හිනා වෙනවා නෙවෙයිය. උන් කරන්නේ විරිත්තන එකය.
  • ඇයි මොකෙක්ට හරි කෙල වෙනකන් වරදිනකන් බලන් ඉදලා වෙන හිනාව. සතෙකුට වත් කරදරයක් උනාම හිනා වෙන්ඩ හොද නැතිය.




ඒ වගේම තව එක ආතල්ම හිනාවක් තියනවාය. ඒ තමන් තමන්ටම වෙන හිනාවය. ඒකට කියන්න නමක් දන්නේ නැතිය. අපි අනුන්ට හිනා වෙන්නේ නැතිව කණ්නාඩියක් ඉස්සරාට ගිහින් අපේ මොකක් හරි අඩුපාඩුවක් මතක් කරන් තමන්ටම ඇති වෙනකන් හිනා වෙන එක පට්ට ආතල් වැඩක්ය. ඒක වැරැද්දක් කියා මොකෙක් වත් කියලා නැතිය. ඒක නිසා කොරලා බලහල්ලාය. උදේම කරලා බලන්ඩලාය. දවස පුල් ආතල් එකේ ගෙවන්ඩ පුලුවන් වෙනවාය. එහෙම කරනකොට එක දෙයක් ගැන මතක තියා ගන්න ඕනේය. එහෙම හිනාවෙනකොට වටපිටාව ගැන සැලකිලිමත් වෙන්න ඕනෙය. නැත්නම් මොකෙක් හරි දැක්කොත් සුවර් එකටම අපිට මංඥං කියලා හිතනවා බුදු සුවර්ය. නැත්නම් උදේ පාන්දම ගුලි කෙලලා කාලා කියලා හිතන්නට ඉඩ තියෙනවාය.

දැන් ලිව්වා ඇති වගේය. උඹලාත් ඇති තරම් හිනා වෙයල්ලාය. මමත් කන පැලෙන්න 15වෙන් 4ට වෙලා හිනා වෙන්නෙහිය. 



ප.ලි.
බඩු බනිස් වෙනවාය. හතර හිනාව කියන්නේ මොකක්ද කියලා ගූගල් සොයලා දුන්නෙහිය. නොදන්නා උන්ට දැන ගන්නට දාන්නෙහිය

හතර හිනාව මෙසේය,
පළමුවන සිනාව වන්නේ · යම් යම් පුද්ගලයන් දනට පිනට යමක්‌ නොදී, මසුරුකමින් මඩිගසමින් හරි හම්බ කරන විට · මාරයා ඒ දෙස බලා කොක්‌හඬ ලමින් සිනාසෙමින් · අනේ තොපි ඔය හරි හම්බ කරන්නේ මැරෙන්නට ඉඩනොදී ජීවත් වුණොත් නේදැයි කියන අයයි.

දෙවන සිනාව නම්, ඉං ගං වලට නඩුහබ කියා ඉනුත් නො නැවතී අයෙක්‌ ගහ මරා ගනී. එවිට මහී කාන්තාව අනේ මුන් මගේ දේට වලිකමින් ගහ මරා ගන්නා හැටි · කියමින් හක හක ගා සිනාසේ. ඉනට නූල්පටක්‌වත් නැතිව ඉපදෙන අප හරි හම්බ කරමින් මගේ මගේ යෑයි කියමින් ගහමරා ගන්නට ඕනෑද? මහීකාන්තාව හිනාවෙන්නේ උරුමකම්වලට රණ්‌ඩු හබ කරගන්නා උන්ටය.

දියුණුවන මිනිසුන් දෙස බලමින් එයට හූල්ලමින් ඊර්ෂ්‍යා කරන මිනිසුන් දෙස බලා මහ හඬින් හිනාවන ශ්‍රියාකාන්තාව ඇයි කම්මැලි යකුනේ තොපටත් දියුණු වෙන්නට ආශාවක්‌ නැතිදැයි අසයි. තුන්වන හිනාව ශ්‍රියාකාන්තාවගේය.

අප අතර සිටින බොහෝ දෙනා අන් අයගේ සැපතට දියුණුවට ඊර්ෂ්‍යාකරන පිරිස්‌ බව අපි දනිමු. එයට ඕනෑතරම් උදාහරණ උපයා සපයා ගත හැකිය. අන් අයට ඊර්ෂ්‍යා කරන්නා තමා විසින්ම දැවී විනාශ වී යයි යනුවෙන් ධර්මයේ ඉගැන්වෙන්නේ ඒ නිසාය. එය හිනාවට කාරණයකි. එසේම සිතා බැලිය යුතු දෙයකි.

මාරයා හිනා වෙද්දී, පොළව මහීකාන්තාව හිනා වෙද්දී, ශ්‍රියා කාන්තාව හිනාවෙද්දී අවසාන වශයෙන් හතර හිනාව සම්පූර්ණ වන්නට හිනා වන්නේ කව්රුන්දැයි බලමු.

හොර සැමියකු නිසා තමාට ලැබෙන දරුවා නලවමින් ගී කියමින් මගේ පුතා මගේ පැටියා කිරිබට්‌ටියා කියමින් උඩ පැන පැන අන් අයගේ දරුවන් සුරතල් කරන ගොන් ස්‌වාමිපුරුෂයන් දෙස බලා අනේ මෝඩ හරකෝ බය තොගේ දරුවාද? ඔය මගේ හොර මිනිහාගේ දරුවා නේදැයි හිතින් හිතමින් හක්‌ හක්‌ ගා ඔම්පාවට හිනාවන අනාචාරී ස්‌ත්‍රියගේ හිනාව හතරවැනි හිනාවයි.
හතර හිනාව ගැන ධර්මරත්න තෙන්නකෝන් ලියලා තිබුන විස්තර ටික ඉස්සුවේ මෙන්න මෙතනින් ය

12 comments:

  1. හතර වැනි හිනාවනම් දැනගෙන හිටියා.... අනික් විස්තර දැනගත්තේ දැන්... මොනවා වුණත් යාෂාගේ හිනා හතරත් මරු...

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා.. (පුරස්චාර්වක හිනාවකි)

      තැන්කූය

      Delete
  2. හි හි නියමයි, හිනාවන් ගැන කිහිපවිටක් කියෝලා තිබුණා එහෙන් මෙහෙන් ඒ මතකය අලුත් වුණා.

    "මිනිසුන් සමග හිනාවෙන්න ,,මිනිස්සුන්ට හිනාවෙන්න එපා "

    ReplyDelete
    Replies
    1. ඔමාට රොම්බ තැන්කුය..

      Delete
  3. බොට සහ බොගේ බොලගට අර යාංහෑල්ල ලියන ගොබිලාටත් යාංහෑල්ලටත් වෙච්ච බාලගිරි දෝෂය නොමවේවා/නොමඒවා යයි පතමිය....
    එක එක හොයාගෙන මේ වගේ ලියුවොතින්නං එහෙම නොවේවිය..

    ReplyDelete
  4. ජීවිතේ හැම වෙලාවකම හිනාවෙන එක පට්ට ආතල් වැඩක් තමයි.ඔය හිනාව ගැන සිරාම කතාව දැක්කේ පරණ හිංදි ෆිල්ම් එකක.මේන් කැරක්ටර් එක ජෝකර් කෙනෙක්.අම්මා මැරිලා ඌ අඬනවා ස්ටේජ් එකේදී.මිනිස්සු හිතන්නේ ඒකත් ජෝක් එකක් කියලා.මිනිස්සු හිනාවෙනවා.

    හිනාව හැමදාම ජීවිතේ රැඳේවා....

    ReplyDelete
    Replies
    1. කසුටු ටත් රොම්බ තෑන්කූය...

      Delete
  5. හතර හිනාවම දානගත්තේ අදයි..... ආයෙ නම් හිනාවෙන්නත් බයයි

    ReplyDelete
    Replies
    1. බය වෙනඩ එපාය...
      නට් බුරුල් වෙන්ඩම හිනා වෙයල්ලාය...

      Delete