මගේ එලකිරිම බොක්ක
බොකාය. බොකාට බොකා කියන්න හේතු වෙච්චි එව්වා මේකේ ලියන්න බැරිය. ලීවොත් බ්ලොගේම ගද
ගහනවාය. ඒකාට පුත්තලං බූරුවෝ දහදෙනක් තරං නාකිය. (පුත්තලං බූරුවංගේ වයස මම දන්නේ
නැතිය). කොට හීන්දෑරි උස ඩයල් එකක්ය. ඒකාගේ පාට කලු නෙවෙයිය. තද දම් පාටය. කුළුදුල්
ප්‍රේම දාසයාමාරකින් බූට් කාපු එකෙක්ය. කොහොම හරි ඒකාට බන්දලා දෙන්න කෙල්ලෙක්, ගෑණියෙක්,
මනමාලියක් සොයන බභයංකාර මිෂන් එකට මාද උංගේ මැණියෝ එකතු කරගත්තේය.
ගිය සතියේ සදුදා
බලන්න ගියේ පයියාගල (කුණුහරුප
නෙවෙයිය. කෝච්චි ඉස්ටේසං එකේ ගහලා තියෙන්නේ එහෙමය) පැත්තේ කෙල්ලක්ය. කෙල්ල නිංක
චීස් කෑල්ලක් වගේය. පාට සුදු නෙවෙයිය. ඒකි සුදුමැලිය. මෝහිනිට වඩා නං ටිකක්
ලස්සනයිය. රෑ වෙච්චි වෙලාවක නං දැක්කොත් සොරි ඩොට් කොම් වෙන්නෙහිය. කෙල්ල නං එක
පයිංම බොකාට අකැමති විය. කෙල්ල කිවේ කළුකුමාරයාව බැන්දත් අපේ බොකාව බදින්න බැරිය
කියාය.
ඒකට අවුලක් නැතිය. අපි
බුරිය උල් වෙන්න තිබිච්චි ඒවා ගිලලා ආවෙහිය.
ගිය සතියේ අගහරුවාදා උදේ
බලන්ට ගියේ උතුරූ කීඹිය
(ගාල්ල පැත්තේ ගමක්ය) පැත්තේ කෙල්ලක්ය. කෙල්ලක් කීවට කෙල්ලක් නෙවෙයිය. සුළු
වරදකින් දරුවන් තුන්දෙනෙක් ඉන්න කෙල්ලක්ය ගෑණියෙක්ය. ගෙදෙට්ට ගිය ගමං ඇච්චෝ
දෙන්නෙකුයි එක ඇච්චියෙකුයි කෙලගෙන දුවගෙන ඇවිත් බොකාගේ ඇගට පැන්නෙහිය. ඒකාට
හික් ගෑවුනෙහිය. එතනින්ම ඒ මගුලත් ලෙසටම කෙලවිය.
තේ ඩිංගක් වත් බොන්න
ඉන්නැතිව එන්නට ආවෙහිය.
එදාම හවස
පට්ට අවුලෙං ආයෙම එන්න
ආවෙහිය. ඒකාගේ මෑණියෝ දහඅට පාලිය නටන්න ගත්තේ එන ගමං දොඩන්දූවේ ඉන්න කෙල්ලවත්
බලලාම එමු කියලාය. ඕන පුයනු කයනු අල්කයනු දෙකයි පනහයි කියලා ඒකවත් බලන්න හියෙහිය.
ඒකි නං පට්ට කෑල්ලක්ය. හොට් ඇන් සෙක්සිය. දෙන්නම වැඩේට කැමති විය. අම්බානක ප්‍රිතියෙන්
කාලා බීලා එන්න ආවෙහිය.
වැඩේ ජෝං බාසාට ගියේ
දවස් දෙක තුනකට පස්සෙහිය. කෙල්ල හිල් පොල් කට්ටයි ඉටි පන්දමයි චෝට් එකයි අරං බස්
කොන්දා එක්ක පැනලා හිහිල්ලාය.
පෙරේදා
බලන්න ගියේ නුවර පැත්තේ
කෙල්ලක්ය. මනමාලි බලන්න ගියේ ට්‍රිපක් යනවා වගේය. තොල කට තෙමා ගන්නේ නැතිව අපි ගිය
ට්‍රිප් නැත්තෙහිය. සුද්දා ගල විදපු තැන පහුකරනකොට බොකා බොකවී සිටියෙහිය. කෙලිං
හිටගන්න තියා වාඩිවෙලා වත් ඒකාට ඉන්න බැරිය. කොච්චර කෙලිං කරත් රකාරාංසය වගේ
වෙන්නෙහිය. මනමාලිගේ ගෙට ගොඩවෙන්නත් කලියෙං ඒ මගුලටත් කෙල විය.
ඊයේ උදේ
බොකාගේ කුඡිත මනාලියන්
බැලීමේ ටුවර් එකේ ඇග පතේ අමාරුවටත් එක්ක බුදියං ඉන්න කොට පොඩි එකා කෑගහන් ගත්තෙහිය
(පොඩි එකා කිවේ මගේ පෝං එකටය) බොකාගේ අම්මා පට්ට යන්න අඩනවාය. බොකා මනමාලියෝ එපා
කියලා ගෙදරිං පැනලා ගිහිල්ලාය.
ඌ ගෙදරිං පැනලා යන්න
කලිං “ගැණු නැති ලෝකෙක මම ඉපදේවා“ කියලා පේස්බුක් ඉස්ටේටස් එකක් අප්ඩේට් කරලාය.
ඊයේ හවස් වෙනකොට උගේ
පේස්බුක් පෝපයිල් ප්ක්චෑර් එක දේදුනු පාටිං වර්ණ ගන්වලාය.
මට හික් ගැවුනෙහිය.
මට කලන්තේ දාන්න වගේ
ආවෙහිය. සුටුස් ගාලා 15වෙං හතරේ කාමරේ තියන බූරු ඇදේ ඇලට් එකක් දැම්මෙහිය.
බොකාට බොකියක් - මංගල කිංකිනි (දෙවනි කොටස බලන්ඩ කොටන්න)
බොකාට බොකියක් - මංගල කිංකිනි (දෙවනි කොටස බලන්ඩ කොටන්න)
හැක්...හැක්...
ReplyDeleteයකෝ, වාහන හොයන්න ගම්පහ පැත්තේ ඇවිදිනවා වගේනෙ ඒකත්. නියමයි ඈ....
තැන්කූ වේවා ය
Deleteඒත් වැඩක් නැතිය. බොකා දේදුනු වර්ණයෙන් හැඩ ගැන්විලාය...
හොඳය...කෙල්ලො ගැන විතරක්ද ලියන්න ඉන්නෙ ඈ...
ReplyDeleteනැත නැත... තව තියෙන්නෙහිය...
Deleteපට්ට තැන්කූය වේවාය
උඹ ලියන ස්ටයිල් එකෙත් පොඩි මෙව්ව එකක් තියෙනවාය. දිගටම ලියහංය. වැඩේ රහට තිබ්බොත් අපි නිතර මේ පැත්තේ එනවා සුවර්ය.
ReplyDeleteඅම්බානකට තැන්කූ වේවාය...
Deleteදිගටම ඇවිත් බලන්න
උදේ පාන්දරම ලේ පිරිසිදු උනා... නියමයි...
ReplyDeleteසන්තෝසය ශ්‍රී
Deleteඔය බස් එකේ යද්දී එකක් සෙට් කොරගමුකෝ........ අපරාදෙනේ මේ වියදම් :)
ReplyDelete