Monday, August 17, 2015

බස් එකේ කෙල්ල


ඇය…
ලස්සනයි
හුරුබුහුටියි
අහිංසක පාටයි…

නෙද්දකිං
බස් එකට නැග්ග වෙලාවේ ඉදං
එලොව මෙලොව නැතුව
දොයි…

පව් ඕයි…..
මහන්සියට වෙන්ට ඇති.
ඔන්න ඔහේ දොයියා ගත්තාවේ…

එක සැරයක් ඒකි දිහා බලන්ට ඇත්නං…
හිත මොකක්ද කරවන අමුතු ලස්සනක් ඕයි තියෙන්නේ….
ඔන්න ඔහේ ෂේප් එකේ බලනවා…

කෙලියා…
මාට්ටුනේ අතටම ඒකිගේ දිහා බලවා
ඒකිටම…!
29/07/2015 (1838)
ගාල්ල කොලඹ ඒසී එකකදි

6 comments:

  1. මුල් එක තරම් රසවත් නැතත් යන විදිහ හොඳයි. මුලදී කමෙන්ට්ස් නැතිවෙන්න පුළුවන්. ඒත් දිගටම ලියන්න. අනික, සින්ඩි කීපයකට යවන්න. මගේ බ්ලොග් එකේ ඉහල දකුණු කෙළවරේ ඇති එවැනි කීපයක්. ඒවාට යවන්න. ඔබට ඕනෑ දේ නොව පාඨකයා ඉල්ලන දේ ඔබ දෙනවානම් බොහෝ අය මෙය කියවයි. එනමුත් පාඨක රුචිය නොසලකා නිදහසේ ලිවීමටද හැක. එවිට එය විනෝදාශයකි.

    ReplyDelete
    Replies
    1. Thanks මධු මාධවි.
      නිදහසේ ලිවීම හොදයි කියලා හිතෙන්නෙහිය.

      Delete
  2. සශියා ලියමු හිටන්. අපිටත් කියවන්න පුළුවන් ඒවා ලියන්ට හොඳේ ඔය උඩම ඉන්න නැම්ඳි වගේ නැතුව...

    මේ වගේ දේවල් අපිටත් අනන්ත වෙනවා ඒත් ලියවෙනවා අඩුයිනේ.. ලස්සනයි ඔයාගේ විදිය දිගටම ලියමු , මගේ සින්ඩියටත් දැම්මා

    ReplyDelete
    Replies
    1. ලියනවා එකෙන්ම හිටං..

      Delete
  3. මමත් බ්ලොග් රෝලට දාගත්තා එහෙනං

    ReplyDelete