Wednesday, August 12, 2015

කෑල්ල


ඇස් දෙක ගිනි පුලිගු වගේය.. තොල් දෙක පට්ටම පට්ට රතු පාටය.. දැක්කාම මුලූ ඇගම මෙව්වා වෙලා යන්නේය.. කොටිංම කියනවා නං කෙල්ල පට්ටය. තේරෙන බාසාවෙංම කියනවා නං හොට් ඇන් සෙක්සිය. දාගන්නවා නං දාගන්න  ඕනි ඒවගේ කෑල්ලක්ය.

ගමේ ඉදං කොලබ ආව මං වගේ බයියෙක්ට කොල්ලෙක්ට එව්වා පට්ට මැජික්ය. කොහොම කොහොම හරි තටමලා හොටේ හොට් කෑල්ලකට බැස්සෙහිය. සියලූ දෙයිහාංදුරුවංගේ පිහිටෙං ආසීර්වාදෙං කෑල්ල මට වැටුනෙහිය. දැං ඉතිං කොලබ රටේ මාත් පොරක්ය…

දැං ලයිෆ් එක පුල් පන් ය… ආතල් එක කෝටියයි ය. අනික් දවස් වල වගේ දැං හවසට තනියෙං නානාගේ සයිවර් කඩෙං තෝසෙයක් ගිලලා බෝඩිමට යන්නේ නැතිය. කෑල්ල එක්ක හවසට බම්බා බහින්නෙහිය.. සොපිං කරන්නෙහිය.. ?ට කන්නේ අහවල් කඩෙං චිකන් බුරියානිය. ටැක්සියක් නැති නං ගොහිං හමාරය.
 ඒ විතරක්ද, සෙනසුරාදා ඉරිදා දවස් දෙක නං පුල් පන් එකේ ගෙවන්නේ කෑල්ල එක්කමය. එක්කෝ ගොල් පේස් එකෙහිය. නැත්තං පිල්ම් හොල් බොක්ස් එකේය. ඒ වෙලාවට හිතෙන්නේ වීක් එන්ඞ් එකේ ගෙදර ගියාට වැඩක් නැත කියාමය. ගෙදර ගියොත් වෙන්නේ හිච්චි නගා එක්ක හවසට හවසට පංසල් බඩගාන්නටය. නැත්තං ඉපනැල්ලේ දොඩන්නට. බෙහෙතකට වත් ලිප් කිස් කොරන්න බැරිය. කොටිංම කියනවා නං අතිංවත් අල්ලන්න බැරිය. ගමේ හැත්ත එව්වෝ දැක්කොත් බඩු බනිස් වෙනවාය.

තව තියෙයි. හිච්චි නගා ජීවිතේට කොට ගවුමක් අදින්නේ නැතිය. ඇන්දත් අදින්නේ දනිහෙං පහලට චීත්ත ගවුමය. ගමනක් යනකොට අදින්නේ සාරියක්ය. හිච්චි කාලේ ජංගි කොටේ ඇන්දායිං පස්සේ කකුල් දෙකට කලිසං ඇදලා නැතිය. ඉතිං හිච්චි නගා පට්ට ගොඬේ කෙල්ලක්ය. ඒත් කෑල්ල නං එහෙම නැතිය. දනිහෙං පහලට මලාට සායක් අදින්නේ නැතිය. සාරි කියන්නේ මොන මගුලක්ද කියා දන්නේවත් නැතිය. ඩෙනිං අදින්නේ පට්ට පිට් එකටය. ඉතිං කෑල්ල හිච්චි නගා වගේ ගොඬේ නෙවෙයිය. පොස් ය.

ඉතිං කොලඹ කෑල්ල එක්ක ඉන්නෙක සුප්පාය. මොනවා කොලත් කාටවත් අඋලක් නැත්තෙහිය. කිස් බැරි නං අහවල් වැඬේ කොරගත්තා උවද අවුලක් නැත. එව්වා මානව අයිතිවාසිකං ය. එව්වා කඩන්න බැරිය. කැඩුවොත් කේස්ය.

ආතල් එක කුඩු උනේ දන්නේම නැතිවය. කෑල්ල මාව හම්බෙන එක මගාරිනවාය. කොල්ලා පුල් හිංදුස්තාන් වෙලාය. ආච්චිට හාල් ගරන්න කෑල්ල වෙන එකෙක් එක්ක ප‍්‍රාඩෝ එහෙකිං ගෝල් පේස් බැහැලාය. බොක්කෙංම කරපු මට බබා හම්බුනාය. ඒත් මොකවත් කියන්ට බැරිය. මානව අයිතිවාසිකං උල්ලංගනය වෙනවාය.

තැබෑරුමෙං ගල් බාගෙකිං භාග්‍යවන්තයෙක් වෙලා බෝඩිමට ආවා මතකය. බෝඩිමේ කලවැද්දා මාව නාවලා ඇදට දානවාද මතකය. ඊට පස්සේ වෙච්චි දේවල් කිවේ කලවැද්දාමය. උදේ කබරයා සුද්ද කලේ පට්ට ඔලූවේ කැක්කුමකිංය.

මල හත් ඉලව්වයිය. මාස ගානකිං ගෙදෙට්ට පඩි ගත්තාම යවන දහදාහ  යැව්වේ නැතිය. යවන්න කොලයක් අතේ ඉතිරි උනේද නැතිය. මේ මාසේ ඉදං ආයෙත් පාලොස්දාහක් වත් යවනවය.

දැං ඉතිං…. ගමේ හිච්චි නගා හොදයිය. කොළඹ කෑලි වගේ විලිසංගේ නැතිව හැදිච්ච එකියක් නෙවෙයිය. විලිසංගේ ඇතිව හැදිච්චි ඇත්තියක්ය.  ඕනි එකෙක්ට ආදර්සෙට ගන්න පුලූවං ගැටිස්සියක්ය. කොහොමටත් ඒකි මගේ ඇවැස්ස නෑනාය. මේ සිකුරාදා හවහම ගෙදර යන්නෙහිය.

ගිය නුවණ ඇත්තු දාහක් දාලාවත් අද්දන්න බැරි වගත් ඉස්කෝලේ ලොකු සර් කිව්වා කියලා මතක් උනේ 4/15ට වෙලා හිසේ ඇම්මට තෙල් ඩිංගිත්තක් දාගන්න වෙලාවෙහිය.

5 comments:

  1. ///ඒ වෙලාවට හිතෙන්නේ වීක් එන්ඞ් එකේ ගෙදර ගියාට වැඩක් නැත කියාමය. ගෙදර ගියොත් වෙන්නේ හිච්චි නගා එක්ක හවසට හවසට පංසල් බඩගාන්නටය. නැත්තං ඉපනැල්ලේ දොඩන්නට. බෙහෙතකට වත් ලිප් කිස් කොරන්න බැරිය. කොටිංම කියනවා නං අතිංවත් අල්ලන්න බැරිය.///

    හ්ම්ම්,,

    ආයේ ගමේ ගියාට එයාගේ හොඳ දැක්කට,,, ආයේ පට්ට කෑල්ලක් සෙට් වෙනවාමය,, ආයෙම හිච්චි නගා ගොඩේ කෙල්ලක් වෙනවාමය... ආයේ හිච්චි නගා ඕනේ වෙනවාමය,,, ඕවා ඔහොම තමයි,, ෂෝට් and ස්වීට්

    ReplyDelete
    Replies
    1. පට්ට කෑලි එපාමය...
      හිච්චි නගා හොදා....

      Delete
  2. උඹේ ඔලුව පැලෙන්නම හෙන ගෙඩියක් වැටපි, අමතක වෙලා තිබුනු අපේ ගොන්කං ආයේ මතක් කරනවා........

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවාය..
      උඹේ පරන ගොන්කං මතක් කරලා දුන්නට මට තැන්කූ වේවාය..

      Delete