Sunday, May 22, 2016

ආයෙත් අපිට බඩු බනිස් විය


15 වෙං හතරේ පොට් එකට එන්නට ලැබුනේ පට්ට කාලෙකට පස්සේය. පොට් එක එකසිය ගානට වල් වැදිලාය. මකුණු දැල්, කඩලා දූවිලි පිදාලා කැරපොත්තෝ කංකුන්ඩෝ එලෝලා දාලා වාසය සුදුසු තැනක් කර ගත්තේ මේ දැංය.

ඕනි කෝලිකුට්ටුවක් දෙකයි හැත්තපහයි කියලා කතාවට බහිමුය.

ආයේමත් ලංකාවට හෙනහුරා ඇස් කොනකින් වගේ බලලාය. ඒ බැල්මේ ආනුභාවයෙන් අපේ මිනිස්සුන්ට මනුස්සකම, සමාජ සත්කාරය වගේ දේවල් සුටුස් ගාලා මතක් වෙලාය.  ඒත් ලේසියකට අපිට ඔය මනුස්සකම, සමාජ සත්කාරේ වගේ දේවල් මතක් වෙන්නේ නැත්තෙහිය. හික් ගෑවෙන්නම මොකක් හරි කෙංගෙඩියක් වෙන්නම ඕනේය. නැත්නම් ලග ඉන්න එකාට හිටගෙන පන ගියත් බලන්නේ නැත්තෙහිය.

ඒ අතිං අපි හෙන විශේෂ ජාතියක්ය.

ලංකාවේ උන්ට ඕනිම දෙයක් සති දෙකක් යනකොට අමතකයි කියලා අර ප්‍රභාකරන් කියලා තියනවාලුය. මොන තරං තිරිසනෙක් උනත් ඒකා ඒ කියලා තියනවා කියන ඒ කතාව නං අමූලික ඇත්තක්ය...

ලංකාවේ සිවිල් යුද්ධයක් තිබුනෙහිය. අපේ අංහිසක කොල්ලෝ කෙල්ලෝ ජීවිත කැපකරගෙන යුද්ධය ඉවරයක් කලෙහිය. උන් එදා රණවිරුවන්ය, අද නිකංම නිකං ආමි කාරයන්ය, නේවිකාරයන්ය, පොලිස්කාරයන්ය.. යුද්ධයක් කියලා එකක් මේ රටේ තිබුණා කියලා මතකයක් වත් නැත්තෙහිය...

තව, ටී සුනාමියක් ආවෙහිය. මිනිසුන්ගේ ජිවිත දේපොල එකසියගානට බඩු බනිස් වි ගියෙහිය. ඔන්න අපේ උන්ට මනුස්සකම මතක් උනෙහිය. මිනිස්සුන්ට එකසිය ගානට උදව් පදව් කලෙහිය... ඒත් දැං සුනාමි කියන්නේ මොන කැවුමක්ද කියලා අපේ උංට මතක නැත්තෙහිය. සුනාමියෙන් අපිට මොනාද උනේ කියලා හීනෙං වත් මතක් වෙන්නේ නැත්තෙහිය.

ස්වභාවධර්මයා අපිට මනුස්සකම මතක් කරලා දෙන්න සුපිරියටම මෙදා පොටෙත් සුප්පා ගංවතුරක් දුන්නෙහිය. ඔන්න දැං එකසිය ගානට මනුස්සකං, සමාජ  සත්කාර මතක් වෙලාය. ඒත් එක දෙයක් බඩේ බත් වගේ පට්ට සුවර්ය. මේ විනාසෙත් අපේ ඈයොන්ට මේ අවුරුද්ද ඉවරවෙන්නත් කලිං අමතක වෙනවාමය.

කොයිම වෙලාවක වත් අසරණ වෙච්ච මිනිසුන්ට උදව් කරන එක මං විවේචනය කලේ නැත්තෙහිය. අද මේ අසරණ වෙලා ඉන්න මිනිස්සුංට පුළුවං හැම විදියකටම උදව් කරන්නම ඕනේය. ඒකේ ආයේ හෝදන්න දෙයක් නැත්තේමය. ඒත් මේ සමාජ සත්කාර කරන සමහරක් නෝනාවරු මහත්වරු බඩේ ගින්දරේ ඉන්න හිගන්නෙක් ඇවිත් අනේ මහත්තයෝ කන්න මොනාවා හරි දෙන්න කීවොත් හිගන්නාගේ හත්මුතු පරංපරාවටම හිතෙං පිං අනුමෝදන් කරන්නේ ඇයි කියලා මට නං සරමක් ඇදන් ඔලුවෙන් හිටං හිටියත් තේරෙන්නේ නැත්තෙහිය.

ඒ වගේම මගේ ටිකිරි මොලේට එක දෙයක් වැටහෙන්නේය. අපි මීට වඩා සිය දහස්වාරයක් ස්වභාවධර්මය රැක ගැනීම ගැන, මනුස්සකම රැක ගැනීම ගැන අවධානය යොමු කල යුත්තෙහිය. එතකොට ස්වභාව ධර්මෙත් අපිට හොදින් සලකාවි කියලා හිතෙන්නෙහිය.


එහෙම නැති උනොත් පිටසක්වල ජීවින් වත් ලංකාවට එයි කියලා හිතන්නට බැරිය.






2 comments:

  1. පංකාදුයි
    මම හිතන්නේ 2003 අග භගයේ ඔය වගේම දරැණු ගංවතුරක් තිබුන රත්නපුර පැත්තටද කොහෙද
    එතකොට සින්දුත් ලියවුනා
    මම හිතන්නේ මේක රිමයින්ඩර් එකක්
    එත් මම හිතන්නේ තාම ඒක මතක නැ

    ReplyDelete
    Replies
    1. බොලේ... 2003 කේස් එක මට මතක නෑ. මං හුජ්ජ කොල්ලා කාලේ..
      ආහ්... වෙහෙර හේන විහාරයේ උඩමලුවට සිංදුව වෙන්න ඇති මයේ හිතේ..

      Delete